JAT Holdings PLC සිය නවතම සමාගම් නිල ඇඳුම එළි දක්වයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත JAT Holdings PLC සමාගම සිය නවතම සමාගම් නිල ඇඳුම පසුගියදා එළිදැක්වීමක් සිදු කර ඇතැයි පවසයි.

අද වනවිට JAT Holdings PLC සමාගම මගින් මෙරට තුළ වරලත් අලෙවි නියෝජිතයන් ලෙස කටයුතු කරන සියලුම වෙළෙඳ නාමයන් නිරූපණය වන පරිදි මෙම නව නිල ඇඳුම සකස් කර තිබේ.

සමාගමේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ ඒලියන් ගුණවර්ධන මහතා විසින් මෙම නව සමාගම් නිල ඇඳුමේ පළමු ඇඳුම හැඳ පසුගියදා ඡායාරූප කිහිපයකටද පෙනී සිටි බව සමාගම පවසයි.

මෙම නව සමාගම් නිල ඇඳුම JAT Holdings PLC සමාගමේ ඉදිරි සාංගමික සන්නාමකරණය සහ අනන්‍යතාව වෙත අතිශය වැදගත් අවස්ථාවක් වනු ඇතැයිද සමාගම සඳහන් කරයි.

මෙරට ප්‍රකට ඡායාරූපශිල්පියෙකු වන සාගර ලක්මාල්ද මැල් මහතා මෙම අවස්ථාව ඡායාරුපයට නැගීමසිදු කර තිබේ.

Visits: 226