‘රේනුකා කැපිටල් පීඑල්සී‘ සමාගම ‘ෂෝ වොලස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී‘ වෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ‘රේනුකා කැපිටල් පීඑල්සී‘(KZOO.N0000) සමාගමෙහි නම මින් ඉදිරියට ‘ෂෝ වොලස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී‘ ලෙස වෙනස් කිරීමකට ලක් කරන බව රේනුකා කැපිටල් පීඑල්සී සමාගම පවසයි.

මේ සඳහා වන නම් වෙනස් කිරීමේ සහතිකය පසුගිය අගෝස්තු  26 වැනිදා සමාගම් රෙජිස්ට්‍රාර්වරයා විසින් නිකුත් කර ඇතැයිද එම සමාගම පවසයි.

“රේණුකා කැපිටල් පීඑල්සී සමාගම 2007 අංක 7 දරණ සමාගම් පනතේ 8 වැනි වගක්තියේ ප්‍රතිපාදනයන්ට අනුකූලව එහි නාමය ෂෝ වොලස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී වශයෙන්වෙනස් කරන ලදුව, මෙදින සිට ෂෝ වොලස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී වශයෙන් සංස්ථාගත කරන පද බව 2007 අංක 7 දරණ සමාගම් පනතේ 8 වන වගන්තිය යටතේ මම මෙයින් සහතික කරන අතර එය වගකීමෙන් සීමාසහිත සමාගමක් බවත් සහතික කරමින් යනුවෙන් සඳහන් කර තිබේ.

රේනුකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමට අයත් රේනුකා කැපිටල් පීඑල්සී සමාගම මීට පෙර Kalamazoo Systems Plc ලෙසින් හැඳින්වුණි. ප්‍රාග්ධන වෙළෙඳ පොළ ගනුදෙනු සිදු කරන සමාගමක් ලෙස පිහිටුවා තිබූ එය රේනුකා හෝල්ඩිංග්ස් හි රේණුකා එන්ටප්‍රයිසස් සමාගම විසින් අත්පත් කරගැනීමත් සමගින්ම රේනුකා කැපිටල් ලෙස වෙනස් විය.

2021 ජුලි 30 වැනිදා නිකුත් වුණු රේනුකා කැපිටල් පීඑල්සී සමාගමෙහි 2020/21 මූල්‍ය වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාව තුළ සඳහන්ව ඇති ආකාරයට එහි කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 89,401,000ක් එනම් එනම් 51.44%ක් හිමිව ඇත්තේ රේනුකා එන්ටප්‍රයිසස් පෞද්ගලික සමාගමටයි.

මෙම ෂෝ වොලස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම රේනුකා හෝල්ඩිංග්ස් පීඑල්සීහි සහ සම්බන්ධ සමාගමක් ලෙස ක්‍රියාත්මක ෂෝ වොලස් ඇන්ඩ් හෙජස් ලිමිටඩ් සමාගමට අයත් වෙනු ඇතැයි සඳහන් වෙයි..

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට ගෙවුණු ආසන්න කාලසීමාවේදී රේනුකා කැපිටල් පීඑල්සී සමාගම ෂෝ වොලස් ඇන්ඩ් හෙජස් සමාගමෙහි කොටස් විශාල වශයෙන් මිලදී ගැනීමක්ද සිදු විය.

ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී රේනුකා කැපිටල් පීඑල්සී (ෂෝ වොලස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී) සමාගමේ කොටසක වටිවාකම රුපියල් 8.10ක් එනම් පෙර දිනයට සාපේක්ෂව ශත 20ක (2.53%ක) ඉහළ යාමක් වාර්තා කර තිබේ.

Visits: 310