කැලණිවැලි ප්ලාන්ටේෂන්ස් වෙතින් ශත 70ක පළමු අතරමැදි ලාභාංශ ගෙවිමක්

කොළඹ කොටස් හුවාමරුවෙහි ලැයිස්තුගත කැලණිවැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳව යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම ශත 70ක් බැගින් එම ලාභාංශ ගෙවීම සිදු කෙරෙන බව සමාගම පවසයි.

මෙය 2021/22 මූල්‍ය වසර සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බව සමාගම සඳහන් කරයි.

මෙහිදී අදාළ ලාභාංශ ගෙවන දිනය ලෙස ඔක්තෝබර් 25 වැනිදා ප්‍රකාශය කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ඔක්තෝබර් 11 වැනිදා නම් කර තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය කොටස්හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් කැළනිවැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සඳහන් කරයි.

ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී කැලනිවැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 43.10ක් ලෙස සටහන් විය. එය පෙර දිනයේදී කොටසක අගය ලෙස වාර්තා වූ රුපියල් 44.00ට සාපේක්ෂව ශත 90ක එනම් -2.05%ක පහත වැටීමකි.

පසුගිය 2020/21 මූල්‍ය වර්ෂයේදී කැලණිවැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම පළමු අතරමැදි, දෙවැනි අතරමැදි සහ අවසන් ලෙස අවස්ථා තුනකදී ලාභාංශ ගෙවා තිබේ. ඒ අනුව පිළිවෙලින් රුපියල් 1.00ක්, රුපියල් 1.00ක් සහ රුපියල් 1.50ක් ලෙස මෙම ලාභාංශ ගෙවීම සිදුව ඇත.

Visits: 130