ඇලුමෙක්ස් පීඑල්සී ශත 10ක පළමු අතරමැදි ලාභාංශ ගෙවිමක් නිවේදනය කරයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඇලුමෙක්ස් පීඑල්සී සමාගම (ALUM.N0000) සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමක් සිදු කිරීමට තීරණය කර ඇතැයි පවසයි. එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව මෙහිදී ඇලුමෙක්ස් පීඑල්සී සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම ශත 10ක් බැගින් හිමි වන ලෙස මෙම ලාභාංශ ගෙවීමට නියමිතව ඇතැයි සමාගම පවසයි.

මෙය 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස සඳහන්ව තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ඔක්තෝබර් 22 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස ඔක්තෝබර් 08 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව නොමැති බවත් ඇලුමෙක්ස් පීඑල්සී සමාගම පවසයි.

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ඇලුමෙක්ස් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 11.90ක් ලෙස සටහන්ව තිබුණි. එය ඊයේ දිනයේදී කොටසක අගය වූ රුපියල් 11.60ට සාපේක්ෂව ශත 30ක එනම් 2.59%ක ඉහළ යාමකි.  

ඇලුමෙක්ස් පීඑල්සී සමාගම පසුගිය 2020/21 මූල්‍ය වර්ෂය වෙනුවෙන් පළමු අතරමැදි, දෙවැනි අතරමැදි සහ අවසන් ලෙස ලාභාංශ ගෙවීම් තුනක් සිදු කර තිබේ. එහිදී පිළිවෙලින් ශත 40ක්, ශත 40ක් සහ ශත 10ක් ලෙස එම ලාභාංශ ගෙවීමක් සිදුව තිබේ.

Visits: 217