මහ බැංකුවෙහි සය මාසික පෙරදැක්ම ඔක්.01 වැනිදා පෙරවරු 10.00ට

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ඉදිරි මාස හයක කාලය සඳහා ඉදිරිපත් කරන ආර්ථික පෙර දැක්ම ලබන ඔක්තෝබර් 01 වැනිදා (සිකුරාදා) එළිදක්වන බව මහ බැංකුව පවසයි.

‘සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායිතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙරදැක්ම‘ ලෙස මෙය නම් කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවෙහි සන්ථාගාරයේදී මෙම අවස්ථාව සංවිධානය කෙරෙන අතර එදින පෙරවරු 10.00ට එය ඇරඹීමට නියමිතව තිබේ.

විශේෂයෙන්ම පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් අවශ්‍ය සමාජ දුරස්තභාවය පවත්වා ගැනීමේ අරමුණින් මේ සඳහා සහභාගි වීම ආරාධිතයන්ට පමණක් සීමා කර තිබේ.

එහෙත් මහ බැංකු අධිපතිවරයාගේ මෙම ඉදිකිරීම් යූටියුබ් සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව නැරඹීමට අවස්ථාව සලසා ඇතැයිද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

Visits: 123