SAMSUNG නවතම Galaxy Buds2 සහ Galaxy Watch4 ශ්‍රී ලංකාවේ එළිදක්වයි

Samsung සිය නවතම foldable smartphones වන Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G  පෙර ඇණවුම් කිරීමේ අදියරට සමගාමීව සිය ප‍්‍රමුඛතම නිෂ්පාදන ද්විත්වයක් වන Galaxy Watch4 සහ TWS earbuds යටතේ එන Galaxy Buds2 මෙරටදී එළිදක්වා ඇතැයි පවසයි.

නවතම Galaxy Buds2 Samsung විසින් 2019 පෙබරවාරි මාසයේදී හඳුන්වාදෙන ලද Galaxy Buds හි අනුප‍්‍රාප්තිකයා ලෙස ඔබ අතට පත්වනු ඇත. මෙය පසුගිය වසරේ හඳුන්වා දෙන Galaxy Buds+ හි වැඩිදියුණු කිරීමක් වන අතරම Galaxy Buds2 හි active noise cancellation (ANC) විශේෂාංගය සමඟින් පෙරට වඩා වැඩි වෙනසක් සහිතව ඔබ වෙත පැමිණෙයි. Earbuds සඳහා වූ නවතම වැඩිදියුණු කළ මෝස්තරයකින් මෙන්ම Galaxy Buds2 සමඟින් රඳවනයක් ද Samsung විසින් පාරිභෝගික ඔබ වෙත ඉදිරිපත් කර ඇත.

Active noise cancellation (ANC) සහ active 2-way speakers විශේෂාංගය සමඟින් Galaxy Buds2 ඔබ වෙත පැමිණේ. මෙම earbuds එකක බර ග‍්‍රෑම් 5 ක් වෙයි. ANC ක‍්‍රියාත්මක කර තිබීයදීම පැය 20 ක් දක්වා ශ‍්‍රවණය කිරීමේ හැකියාව earbuds ඔබට ලබා දෙයි. Galaxy Buds2 විනාඩි 5 ක් වැනි කෙටි කාලයක් charge කිරීමෙන් මිනිත්තු 60 ක කාලයක් භාවිතා කළ හැකි බව Samsung සමාගම පවසයි. එමෙන්ම Qi Quick charging වලට මෙන්ම wireless charging වලට ද අනුකූල වන ලෙස Galaxy Buds2 නිමවා තිබීම විශේෂිතය. මෙම සෑම bud එකක්ම 61 mAh බැටරියකින් හා charge කිරීමේ රඳවනය 472 mAh බැටරියකින් සමන්විත වේ.

Galaxy Buds2 දිලිසෙන මතුපිටක් සහිත සිත්ගන්නා සුළු device එකකි. එහි ear-tips silicone භාවිතා කරමින් නිමවා ඇති නිසා කනට සවිකිරීම සහ රැඳවීම ඉතාම පහසුය. Galaxy Buds2 රඳවන device එක dual-tone එකකින් නිමවා ඇති අතර, එහි ඇතුළත earbuds හි හැඩය සහිතව නිමවා තිබේ. 

”ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති අපගේ නවතම Galaxy Watch4 සහ Galaxy Buds2 පිළිබඳව අප සිටින්නේ දැඩි උද්යෝගයකින්. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම Foldable smartphone එක හඳුන්වා දීමෙන් පසුව, Samsung Galaxy ecosystem එක සමඟ පාරිභෝගිකයින් සම්බන්ධ කිරීම සඳහා මෙම නවතම Samsung Galaxy Buds2 හා Watch4 Series මගින් ගෙන එනු ලබන උසස් තාක්ෂණය ඔවුන් වෙත සමීප කිරීමට අප බලාපොරොත්තු වනවා. තවද බාධාවකින් තොරව ඉහළ තාක්ෂණික අත්දැකීමක් ලබා ගැනීමට සහ එදිනෙදා වැඩ කටයුතු පහසු කිරීම සඳහා මෙම නිෂ්පාදනය වඩාත් පිටිවහලක් වනු ඇති බව අපට විශ්වාසයි.” යනුවෙන් Samsung ශ‍්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂක කෙවින් සුන්ග්සු යූ මහතා පැවසුවේය.

ඔබට Galaxy Buds2 රු. 34,999/-, Galaxy Watch4 රු. 67,999/-, Galaxy Watch4 Classic රු. 99,999/- යන මිල ගණන් යටතේ දැන් මිලදී ගත හැක. පහසුවෙන් හඳුනාගත හැකි Samsung වෙළඳ සලකුණ සහිත දිවයින පුරා පිහිටි බලයලත් අලෙවි නියෝජිතයන් වන John Keells Office Automation හා Softlogic Mobile Distribution වෙතින් පාරිභෝගිකයින්ට මෙය මිලදී ගත හැකිය.

එමෙන්ම එය Samsung හි බලයලත් හවුල්කරුවන් වන Softlogic Retail, Singer, Singhagiri සහ Damro මගින් මෙන්ම සන්නිවේදන හවුල්කරුවන් වන Dialog සහ Mobitel මගින් සහ online වෙළෙඳ වෙබ් අඩවි වන Samsung EStore (samsungsrilanka.lk), MySoftlogic.lk, Daraz.lk, Keellssuper.com සහ Kapruka.com මගින් ද ලබා ගත හැකි වනු ඇත.

Visits: 66