සෙලින්කෝ ලයිෆ් රත්නපුර ශික්ෂණ රෝහලට ශ්වසන ආධාරක උපකරණයක් පිරිනමයි

ශ්වසන අපහසුතා සහිත රෝගීන්ට ප‍්‍රතිකාර කරන රෝහල් සඳහා දැනට ක‍්‍රියාත්මක අත්‍යවශ්‍ය උපකරණ ලබා දීමේ වැඩපිළිවෙල යටතේ, නාසයට සම්බන්ධ කරන අධි ප්‍රවාහ කැනියුලා (HFNC) උපකරණයක් සෙලින්කෝ ලයිෆ් සමාගම මෑතක දී රත්නපුර ශික්ෂණ රෝහල වෙත පරිත්‍යාග කළ බව පවසයි.

ශරීරයේ ඔක්සිජන් ප‍්‍රමාණය විශාල ලෙසින් අඩු රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා මෙම උපකරණ භාවිතා කරයි. ්‍යත්‍භක්‍ ක‍්‍රමයේදී මුව ආවරණයක් භාවිතා කරමින් රෝගියාට ඔක්සිජන් ලබාදෙන අතර යන්ත‍්‍ර මගින් ඔක්සිජන් ලබාදුන් රෝගීන්ටද ඔක්සිජන් ලබාදීම සඳහා මෙම උපකරණ ප‍්‍රයෝජනවත් වේ. දකුණු කොළඹ ශික්ෂණ රෝහල (කළුබෝවිල), මඩකලපුව ශික්ෂණ රෝහල, කන්තලේ මූලික රෝහල, කුලියාපිටිය ශික්ෂණ රෝහල, මාතලේ දිස්ත‍්‍රික්ක මහ රෝහල සහ මාතර දිස්ත‍්‍රික්ක මහ රෝහල සඳහා සෙලින්කෝ ලයිෆ් මීට පෙර එවැනි උපකරණ පරිත්‍යාග කර ඇත.

දිගු කලක් රජයේ රෝහල්වලට පරිත්‍යාගකරුවෙකු ලෙස කටයුතු කරන සෙලින්කෝ ලයිෆ්, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, කොළඹ ජාතික රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, යාපනය ශික්ෂණ රෝහල සහ මහනුවර ශික්ෂණ රෝහල සඳහා අධි සත්කාර ඒකක (HDU) ඉදි කර, අවශ්‍ය උපකරණවලින් සන්නද්ධ කර පරිත්‍යාග කර තිබේ.

උපකරණය ලබා දෙන අවස්ථාවට සහභාගි වූ සෙලින්කෝ ලයිෆ් සමාගමේ සහ රත්නපුර ශික්ෂණ රෝහලේ නියෝජිතයන් මෙම ඡායාරූපයේ දැක් වේ. (වමේ සිට) සෙලින්කෝ ලයිෆ් රතනපුර 06 ශාඛා ප‍්‍රධානී, අයි. එම්. ඒ. එස්. බණ්ඩාර මහතා, සහකාර ප‍්‍රාදේශිය අලෙවි කළමණාකාර බුද්ධික වික‍්‍රමසිංහ මහතා, ව්‍යාපාර සංවර්ධන කළමණාකාර තුෂාර බණ්ඩාර මහතා, සාමාන්‍යාධිකාරි – ව්‍යාපාර සංවර්ධන ජෝ ජයවර්ධන මහතා, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනෝජ රොඞ්රිගො, උගුර/කන/නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මාධවික දයාරත්න, සෙලින්කෝ ලයිෆ් හි ඒජන්සි අධීක්ෂක ඇනස්ලි රෝහිත මහතා, රත්නපුර 02 ශාඛා ප‍්‍රධානී චින්තක රෝහණ මහතා සහ රත්නපුර 03 ශාඛා ප‍්‍රධානී හර්ෂණ සම්පත් මහතා.

Visits: 38