එයාර්ටෙල් වෙත ගූගල් සමාගමෙන් කෝටි දහස් ගණනක ආයෝජනයක්?

ගූගල් සමාගම විසින් ඉන්දියාවේ භාරතී එයාර්ටෙල් සමාගම වෙත ඉන්දීය රුපියල් කෝටි දහස් ගණනක ආයෝජනයක් සිදු කිරීමට සූදානමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

පසුගිය වසරේ සිට එම සමාගම් දෙක මේ සම්බන්ධයෙන් වන එකඟතාවකට පිවිස ඇති බවත්, ඒ පිළිබඳ වන සාකච්ඡා දැනටමත් සිදු කෙරෙමින් පවතින බවත් මෙම මාධ්‍ය වාර්තා පවසයි.

ඒ අනුව ගූගල් විසින් එයාර්ටෙල් වෙත සිදු කරන මෙම ආයෝජනය දැවැන්ත ආයෝජනයක් වනු ඇතැයි දැනටමත් අදහස් පළ වී තිබෙන බව මෙම වාර්තා හරහා පුවතක් පළ කරන ඉන්දියාවේ බිස්නස් ස්ටෑන්ඩර්ඩ් පුවත්පත සඳහන් කර සිටියි.

ඇමෙරිකාවේ ගූගල් සමාගම දැනටමත් ඉන්දියාවේ Jio දුරකතන සමාගම තුළ ඉන්දීය රුපියල් කෝටි 34,000ක මුදලක් ආයෝජනය කර තිබෙන අතර, එයාර්ටෙල් වෙත සිදු කරන ආයෝජනය Jio සමාගමේ තරගකරුවන් සඳහා ගූගල් සිදුකරන ආයෝජනයක් ලෙස සැලකිය හැකි බවද මාධ්‍යයේ අදහස වී ඇත.

භාරතී එයාර්ටෙල් සමාගමත් සිය ප්‍රාග්ධනය වර්ධනය කරගැනිම සඳහා අදහස් කරගෙන සිටින අතර, ඒ හරහා රට තුළ 4G ජාලයේ ධාරිතාව ඉහළ නැංවීම වෙනුවෙන් මුදල් ආයෝජනයට බලාපොරොත්තුව සිටියි.

කෙසේ වෙතත් මෙලෙස ගූගල් හරහා හිමිවන දැවැන්ත ආයෝජනය මගින් භාරතී එයාර්ටෙල් වෙත බොහෝ කටයුතු සිදු කළ හැකි වෙනු ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි. එහිදී එම සමාගම දැනටමත් රජය වෙත පවතින ණය ඉතාමත් සුමටව ගෙවා දැමීමේ අවස්ථාවක් මෙන්ම 4G සහ 5G තාක්ෂණයන් වෙත ආයෝජනයටත් අවස්ථාවක් උදාරනු ඇතැයි පැවසෙයි.

Visits: 245