හේලීස් මිලදීගත් South Asia Textiles ලෝගෝව වෙනස් වෙයි

හේලීස් සමූහයට අයත් හේලීස් ෆැබ්රික් පීඑල්සී සමාගම මගින් මිලදී ගත් South Asia Textiles Limited හි ලෝගෝව අලුත් කිරීමට එම සමාගම පියවර ගෙන ඇතැයි පවසයි.

ඒ අනුව මෙතෙක් කලක් මැජෙන්ටා, සයන් සහ යෙලෝ යන වර්ණවලින් සැදූණු ගෝලයක් සහ ඊට යටින් ඇදුනු නිල්, කොළ සහ රතු යන රේඛා තුනකින් සමන්විත ලෝගෝව වෙනුවට, ඉදිරිපසින් තද නිල්, ලා නිල් සහ ලා කොළ පැහැයත්, පිටුපසින් තැඹිලි, රතු සහ දම් යන පැහැයත්, පැමිණෙන ලෙස යම් වියමනක හැඩයක් ලැබෙන ආකාරයෙන් මෙම ලෝගෝව නිර්මාණය කර තිබේ.

එහිදී ඉදිරිපසින් පිහිටි ගැලපුමේ කොළ පැහැති හැඩය ඉදිරිපසට දික් කර එය මත South Asia Textiles Limited ලෙස සටහන් කර තිබේ.

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමට අයත්ව තිබූ රෙදි South Asia Textiles Limited සමාගමේ වැඩි කොටස් හිමිකාරීත්වයක් මිලදී ගනිමින් ‍හේලීස් ෆැබ්රික් පීඑල්සී සමාගම පසුගිය අප්‍රේල් මාසයේදී එම සමාගමෙහි පාලනය සියතට ලබා ගැනීමට සමත්විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබූ හේලීස් පීඑල්සී සමාගම, මෙම අත්පත් කරගැනීම සිය උපායමාර්ගික සැලසුමක් වන සිය අපනයනය මූලික කරගත් ඇගලුම් කර්මාන්තය වෙත අවශ්‍ය ඉහළ අගය එකතු කළ වටිනාකමක් සහිත රෙදි ලබා දීමේ ධාරිතාව ඉහළ නැංවීම සාර්ථක කරගත හැකි බව හේලීස් ෆැබ්රික් පීඑල්සී සමාගම වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

ලොව සුප්‍රසිද්ධ සන්නාමයන්ගෙන් යුත් ඇගලුම් නිෂ්පාදන සඳහා අවශ්‍ය ගුණාත්මක රෙදිපිළි ලබාදීම South Asia Textiles Limited සමාගමේ මෙන්ම හේලීස් ෆැබ්රික්ස් පීඑල්සී සමාගමේද ප්‍රධානතම ව්‍යාපාරික මෙහෙයුම විය.

ඒ අනුව ගත වූ මාස හතරක කාලය තුළදී හේලීස් ෆැබ්රික් පීඑල්සී සමාගම South Asia Textiles Limited සමාගමේ අභ්‍යන්තර සහ බාහිර වෙනස්කම් කිහිපයක්ම සිදු කර තිබෙන අතර, මෙම ලෝගෝ වෙනස් කිරීමත් එහි එක් අවස්ථාවක් ලෙස සටහන්ව තිබේ.

Visits: 356