“ව්‍යවසායකත්ව ප්‍රාග්ධන සම්පාදන අවස්ථා” අගෝ. 30 සවස 6.30ට

ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය මීළග මට්ටම වෙත උසවා තැබීම සඳහා ව්‍යවසායකයන්, වෘත්තිකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් එක්ව පිහිටුවා ගන්නා ලද Ceylon Entrepreneurs Club මගින් සංවිධානය කරනු ලබන මීළග දැනුවත් කිරීමේ වැඩසටහන ලබන අගෝස්තු 30 වැනිදා පස්වරු 6.30ට පැවැත්වෙන බව එම සංගමය සඳහන් කරයි.

ව්‍යවසායකත්ව මූල්‍යකරණය (Entrepreneurial Finance) යන අංශය යටතේ පැවැත්වෙන මෙම වැඩසටහන ව්‍යවසායකත්ව ප්‍රාග්ධන සම්පාදන අවස්ථා ලෙස නම් කෙරී තිබේ. එදින පස්වරු 6.30 සිට 8.30 දක්වා පැය දෙකක කාලයක් මෙම වැඩසටහන Zoom මාධ්‍ය ඔස්සේ පැවැත්වෙයි.

ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා කොපමණ ප්‍රාග්ධනයක් අවශ්‍යද?, දැනට තිබෙන ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න කොපමණ මුදලක් අවශ්‍යද? ව්‍යාපාරයකට අවශ්‍ය ප්‍රාග්ධනය සපයා ගන්නේ කෙසේද? ව්‍යාපාරයකට අවශ්‍ය ප්‍රාග්ධන සම්පාදනයේ ප්‍රවණතා මොනවාද? යන කරුණු සම්බන්ධයෙන් මෙම වැඩසටහනේදී සාකච්ඡා කෙරෙන බව Ceylon Entrepreneurs Club පවසයි.

ඒ අනුව මෙම කරුණු සියල්ල නිරවුල්ව හා නිවැරදිව සාකච්ඡා කෙරෙන සුවිශේෂී වැඩසටහනක් ලෙස මෙය හඳුන්වා දී තිබේ.

වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබාදීම කොළඹ කොටස් හුවමාරුවෙහි මූල්‍ය හා පරිපාලන ප්‍රධානී කුසල් නිස්සංක මහතා විසින් සිදු කරයි.

මෙම වැඩසටහන සිංහල භාෂාවෙන් පැවැත්වෙන අතර ඒ සඳහා නොමිලේ සම්බන්ධ විය බවත් සංවිධායකයන් පවසයි.

ඒ අනුව https://us02web.zoom.us/j/87030706536… යන Zoom Meeting සබැඳිය ඔස්සේ මීට සම්බන්ධ විය හැකි බවත් එහිදී Meeting ID: 870 3070 6536 සහ Passcode: 962345 ලබාදීමෙන් මේ සඳහා සම්බන්ධ විය හැකිය.

මෙම වැඩසටහන පිළිබඳ වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා 0705022250 අංකයට Whatsapp පණිවුඩයක් යොමු කරන ලෙසද සංවිධායකයන් ඉල්ලා සිටියි.

Visits: 158