ඩිල්මා සිලෝන් ටී රුපියල් 18.00ක් බැගින් ලාභාංශ ගෙවීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඩිල්මා සිලෝන් ටී කම්පැනි පීඑල්සී සමාගම (CTEA.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව දැනට නිකුත්කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 18.00ක් බැගින් ලාභාංශ ගෙවීමට පියවර ගන්නා බව එම සමාගම පවසයි.

මෙය 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වන 2020/21 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අවසන් ලාභාංශ ගෙවීම බවද ඩිල්මා සිලෝන් ටී කම්පැනි පීඑල්සී සමාගම සඳහන් කරයි.

මෙම අවසන් ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ඔක්තෝබර් 11 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශරහිත දිනය (XD Date) දිනය ලෙස ඔක්තෝබර් 01 වැනිදා නම් කෙරී තිබේ.

කෙසේ වෙතත් මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය වන බවත්, ඒ සඳහා වන සමාගමේ මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන සැප්තැම්බර් 30 වැනිදා පැවැත්වෙන බවත් ඩිල්මා සිලෝන් ටී කම්පැනි පීඑල්සී සමාගම පවසයි.

අවසන් වරට ඩිල්මා සිලෝන් ටී කම්පැනි පීඑල්සී සමාගම ලාභාංශ ගෙවීමක් සිදු කර තිබුණේ පසුගිය 2020 නොවැම්බර් මාසයේදීය. එය 2019/20 මූල්‍ය වර්ෂය සඳහා ලබාදුන් අවසන් ලාභාංශ ගෙවීමද විය. එහිදී කොටසකට රුපියල් 5ක් බැගින් ලාභාංශ ලබා දීම සිදුවිය.

Visits: 198