ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් ඇන්ටිජන් රැපිඩ් පරීක්ෂණ කට්ටලයක් තවදුරටත් රු. 1,146.22යි ලු

ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම විසින් මෙරටට ආනයනය කර අලෙවි කරන ලද ඇන්ටිජන් රැපිඩ් පරීක්ෂණ කට්ටලයක් තවදුරටත් රුපියල් 1,146.22ක මුදලකට ලබා දෙන බව එම සමාගම නිවේදනයක් මගින් සඳහන් කර සිටියි.

මෙම ඇන්ටිජන් රැපිඩ්පරීක්ෂණ කට්ටල ආනයනය හා අලෙවිය සම්බන්ධයෙන් දුර්මත කිහිපයක් කලක පටන් සමාජය තුළ සංසරණය වන බව පවසමින් එම සමාගම මෙම නිවේදනය නිකුත් කර තිබේ.

කෙසේ වෙතත් මෙම පරීක්ෂණ කට්ටල ආනයනය කිරීම සහ අලෙවි කිරීම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය යටතේ සිදුවන බව එම සමාගම පවසයි.

මේ අතර මෙම පරීක්ෂණ කට්ටල ආනයනය කළ අවස්ථාවේදී එවකට පැවැති හුවමාරු වටිනාකම රුපියල් 187ක් ලෙස සැලකිල්ලට ගනිමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් සෞඛ්‍ය සේවා ආයතනවලට අදාළ වන පරිදි මෙම පරීක්ෂණ කට්ටලයක් සඳහා රුපියල් 1,146.22ක උපරිම මිලක් නියම කරන ලද බව පවසයි.

කෙසේ වෙතත් ඩොලරයේ අගය මේ වනවිට ඉහළ ගොස් තිබුණද, හවුල්කරුවන්ගේ සහයෝගයද සමගින් අද දක්වාම මෙම පරීක්ෂණ කට්ටලය රුපියල් 1,146.22ක මුදලකට ලබා දීමට ජෝර්ජ් ස්ටුවර්ඩ් හෙල්ත් සමාගම පියවර ගෙන ඇතැයිද මෙම නිවේදනයේ සඳහන් වෙයි.

Visits: 220