JAT Holdings Limited කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වෙයි

JAT Holdings Limited (JAT-N-0000) කොළඹ කොටස් හුවමාරුවෙහි සිය ගනුදෙනු කටයුතු 2021 අගෝස්තු 12 වන දින ආරම්භ කළේය.“Materials (1510)” කර්මාන්ත ක්ෂේත්‍රය යටතේ සාමාන්‍ය ඡන්ද බලය හිමි කොටස් 510,407,773ක් ලැයිස්තුගත කරමින් හුවමාරුවීම කොටසක මිල රු.24.20කින් දිනය අවසාන කළ බව කොටස් හුවමාරුව පවසයි.

මූලික කොටස් නිකුතුවක් ලෙස කොටස් 82,904,846 ක් විකුණුම්අර්පණයක්(offer for sale) ලෙස හා දායකත්ව  අර්පණයක් (offer for subscription)  ලෙස 2021ජූලි මස 20 වන දින විවෘත කරන ලද අතර එය පළමු දිනයේදීම අපේක්ෂිත අයදුම් ප්‍රමාණය ඉක්මවා ගියේය.

එමෙන්ම මේ සඳහා ලැබී තිබුණු අයදුම් පත් වල සමස්ත වටිනාකම රුපියල් බිලියන 2.2ක් ඉක්මවා ගොස් තිබුණි. මෙම ලැයිස්තුගත කිරීම සඳහා මූල්‍ය උපදේශනය හා කළමනාකාරීත්වය පිලිවෙලින් කැපිටල් එලයන්ස් සමාගම(CAL) සහ NDB ආයෝජන බැංකුව සිය සහභාගීත්වය පළ කළේය.

මෙම ලැයිස්තුගත වීම සම්බන්ධයෙන් අදහස් පළ කළ කොළඹ කොටස් හුවමාරුවෙහි සභාපති දුමිත් ප්‍රනාන්දු මහතා “ මෙම වසරේ ලයිස්තුගතවූ හතරවන සමාගම ලෙස JAT Holdings Limited ඉතාම සතුටින් පිලිගන්නවා. තම ව්‍යාපාරික ක්ෂේත්‍රය තුල කීර්තිමත් නාමයක් සනිටුහන් කරගෙන සිටින සමාගමක් ලෙස ඔවුන් හඳුනාගත හැකියි. සමාගමක් ලෙස ඔවුන්ගේ අභිවෘද්ධියට මෙන්ම ගෝලීය ප්‍රවණතා සහ අවශ්‍යතා සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සම්පාදනයට දායකත්වය සපයන්නට ලැබීම අපට කොටස් හුවමාරුව ලෙස ගෞරවයක් ලෙස සලකනවා “යැයි පැවසීය.

JAT Holdings Limited ප්‍රාරම්භක හා කළමනාකාර අධ්‍යක්ෂ එලියන් ගුණවර්ධන මහතා නව කොටස් හිමියන් පිළිගනිමින් සහ මෙම අවස්ථාවට තම අදහස් එක්කරමින් කියා සිටියේ පුරාන චීන දාර්ශනික ලාඕ ත්සු කියූ ආකාරයට, සැතප්ම දහස් ගණනක චාරිකාවක් ආරම්භ වන්නේ එක් පියවරකින්. වසර 28ක‍ට ඉහත මා ආරම්භ කළ මෙම නොනවතින ගමන තුලදී සන්ධිස්ඨාන රැසක් පසු කර ඇතත් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වීම තම කණ්ඩායමේ විශාලඅරමුණක් මුදුන්පත් කරගැනීමක් වන බවයි.

2014 වර්ෂයේදී පෞද්ගලික සමාගමෙහි කොටස් ආයෝජකයින්ට ඍජුව විකිණීමෙන් අනතුරුව (Private Placement) මෙම අරමුණ හඹා යාමේ විශාල උවමනාවක් තිබුණු බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම කොළඹ කොටස් හුවමාරුවෙහි  ආලේපන නිෂ්පාදන ක්ෂත්‍රයේ ස්ථාවර වූ එකම සමාගම ලෙසත් එහි අලෙවි කරන සහ අපනයනයන් හරහා කොටස් හිමියන්ට ප්‍රතිලාභ භුක්ති විදීමට හැකියාව ලබෙන බවත් ආයෝජකයින් සමාගම කෙරෙහි තැබූ විශ්වාසය ඉදිරියට ගෙන යමින් නියමිත කාලයටත් ප්‍රථම බංග්ලාදේශයේ නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය පරිශ්‍රය හා කර්මාන්ත  ශාලාව තහවුරු කරගැනීමටත්  State-of-the-Art R&D මධ්‍යස්ථානය ගොඩනැගීම  සඳහා අවශ්‍ය භූමිය මිලදී ගත්  බවත් සඳහන් කළේය.

එපමණක්ද නොව JAT Holdings Limited හි සභාපති අචාර්ය සිවා සෙල්ලයියා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට, මෙම ලැයිස්තුගත කිරීම සඳහා මූල්‍ය උපදේශනය හා කළමනාකාරීත්වය සැපයු  පිලිවෙලින් කැපිටල් එලයන්ස් සමාගම (CAL) සහ NDB ආයෝජන බැංකුවට, නිකුතුවේ ලේකම්වරුන්, සිය ප්‍රධාන විධායක නිලධාරී නිශාල් ප්‍රදිනාන්දු ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට හා සමාගම කෙරෙහි විශ්වාසය තැබූ සමස්ත කොටස් හිමියන්ට තම කෘතඥතාව පළ කරන වබ JAT Holdings Limited ප්‍රාරම්භක හා කළමනාකාර අධ්‍යක්ෂ එලියන් ගුණවර්ධන මහතා පවසා සිටියේය..

 JAT Holdings Limited හි ලැයිස්තුගතවීම සම්බන්ධයෙන් කැපිටල් එලයන්ස් සමාගමෙහි (CAL) ගෝලීය වෙළෙඳපොළ හා ආයෝජන බැංකු පිළිබඳව කළමනාකාර අධ්‍යක්ෂ දේශාන් පුෂ්පරාජා මහතා අදහස් පළකරමින් “ දැව ආලේපන අංශයෙහි ශ්‍රී ලාංකේය, බංගලාදේශය හා මාලදිවයින්හි  දැවැන්තයා වන JAT Holdings සමගම ශ්‍රී ලංකා සමාගම් එතෙර වෙළෙඳපොළ ජයගත හැකි බවට කදිම උදාහරණයක්. මෙම ක්‍රියාවලියේදී ඒකාබද්ධ උපදේශන හා කළමනාකරණ සමාගම ලෙස සහය වීමට හැකිවීම අපට ආඩම්බරයක්. ඒවගේම ඔවුනගේ ඉදිරි ගනුදෙනු කාලයට මෙන්ම සමාගමේ කණ්ඩායමේ අනාගතයට අපි සුබ පතන්නත් කැමතියි.” යනුවෙන් පැවසීය.

NDB ආයෝජන බැංකුවෙහි ප්‍රධාන විධායක නිලධාරී / අධ්‍යක්ෂ  දර්ශන් පෙරේරා මේ පිළිබඳව අදහස් පළකරමින් කියා සිටියේ කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවන පළමු ආලේපන නිෂ්පාදන ක්ෂේත්‍රයේ සමාගම ලෙස නව ප්‍රවේශයක් ලබා දී ඇති බවත් එය ව්‍යාපාරිකයන්ට තම වර්ධන ක්‍රියාවලිය මහජනතාව සමඟ බෙදා ගැනීමට ඇති හැකියාව පිළිබඳව  ධානාත්මක උදාහරණ සපයන බවත්ය. එමෙන්ම මෙම කාර්යයේදී ඒකාබද්ධ උපදේශන හා කළමනාකරණ සමාගම ලෙස සහය වීමට හැකිවීම අපට ගෞරවයක් මෙන්ම ලැයිස්තුගත සමාගමක් ලෙස සමාගමේ ඉදිරි අනාගතයට සුබ පතන බව සඳහන් කළේය.

Visits: 136