ACL Cables PLC රුපියල් 1 බැගින් ලාභාංශ ගෙවීම අගෝස්තු 23 දා

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ACL Cables PLC සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවිමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැති සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව ACL Cables PLC සමාගම මගින් දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1 බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව සමාගම පවසයි.

මෙය 2021 මාර්තු මාසයේ 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ බව සමාගම සඳහන් කරයි.

මෙහිදි ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන අගෝස්තු 23 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස අගෝස්තු 03 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීම සඳහා සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය අවශ්‍ය නොවන බවද ACL Cables PLC සමාගම වැඩිදුරටත් පවසයි.

ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී ACL Cables PLC සමාගමේ කොටසක වටිනාකම රුපියල් 41.10ක් ලෙස සටහන්ව තිබුණි. එය ඊට පෙර ගනුදෙනු දිනයේදී කොටසක වටිනාකම වූ රුපියල් 41.50ට සාපේක්ෂව ශත 40කින් එනම් -0.96%ක අඩුවීමකි.

Visits: 275