2018 සිට 2020 දක්වා CSE හි ලැයිස්තුගත ප්‍රධාන සමාගම් 20ක කාර්තුමය හැසිරීම් මෙහෙමලු

කොළඹ කොටස් හුවමාරුව තුළ ලැයිස්තුගත ප්‍රධාන සමාගම් 20ක් 2018 වසරේ සිට 2020 දක්වා කාර්තුමය වශයෙන් පෙන්නුම් කළ හැසිරීම් පිළිබඳව දත්ත වාර්තාවක් ඉදිරිපත් කරන්නට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා ඇත.

පසුගියදා මහ බැංකුව මගින් නිකුත් කරන ලද Economic and Social Statistics of Sri Lanka 2021 ප්‍රකාශනය තුළ Money, Interst Rates and Capital Markets (මුදල්, පොළී අනුපාත සහ ප්‍රාග්ධන වෙළෙඳ පොළ) කාණ්ඩය යටතේ මෙම සටහන නිකුත් කෙරී ඇත.

ඒ අනුව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම, ලංකා දුම්කොළ සමාගම, ඩයලොග් ආසිආටා සමාගම, ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා සමාගම, කොමර්ෂල් බැංකුව, නෙස්ලේ ලංකා, සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස්, එල්ඕඑල්සී හෝල්ඩිංග්ස්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස්, මෙල්ස්ටාකෝර්ප්, ශ්‍රී ලංකා ටෙලිකොම්, හේමාස් හෝල්ඩිංග්ස්, එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්, කාර්සන්ස් කුම්බර්බැච්, කාර්ගිල්ස් සිලෝන්, හැටන් නැෂනල් බැංකුව, සම්පත් බැංකුව, ලයන් බෘවරි සිලෝන්, සෙලින්කෝ රක්ෂණ සහ ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් යන සමාගම්වල තොරතුරු මෙහි ඇතුළත්ව ඇත.

මෙහිදී එම සමාගම් තුළ 2018 වසරේ සිට 2020 දක්වා කාර්තුමය වශයෙන් කොළඹ කොටස් හුවමාරුවේදී සිදුවූ ගනුදෙනු,  පිරිවැටුම,  හුවමාරු වූ කොටස්, කොටසක් සඳහා වාර්තා කළ ඉහළම අගය සහ පහළම අගය, වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය යනාදී තොරතුරු ඇතුළත් වෙයි.

Visits: 433