රුහුණු ෆුඩ්ස් වෙතින් ‘Nature Ceylon’ හඳුන්වා දෙයි

මෙරට විශාලතම සහ පැරණිතම කුළුබඩු ඇතුළු නිෂ්පාදන සමාගමක් වන රුහුණු සමූහ ව්‍යාපාරය සිය රුහුණු එක්ස්පෝර්ට් (පෞද්) සමාගම යටතේ නවතම හඳුන්වාදීම ලෙස ‘Nature Ceylon’ යටතේ නිෂ්පාදන පෙළක් දියත් කිරීම පසුගියදා සිදු විය.

දිගන, කුණ්ඩසාලේ පිහිටි රුහුණු ෆුඩ්ස් කර්මාන්තශාලා පරිශ්‍රයේදී මෙම එළිදැක්වීම සංවිධානය වී තිබේ. රුහුණු සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ/සභාපති දේශබන්දු පද්මසිරි මුතුමාල සහ කළමනාකාර අධ්‍යක්ෂ රුෂාන් මුතුමාල යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් මෙම නව වෙළෙඳනාමය ප්‍රසිද්ධියට පත් කෙරිණි.

මෙහිදී දේශීය ස්වාභාවික නිෂ්පාදනයන් ලෙසින් එළිදකින ‘Nature Ceylon’ නිෂ්පාදන අතර තැඹිලි (දෙහි සමගින්), තැඹිලි (අන්නාසි සහ පැෂන්ෆෘට් සමගින්) සහ අනෝදා යනාදී නිෂ්පාදන පවතී. නැවුම්බව නැවුම් කරන ‘Refresh de Refresh’ ලෙසින් මෙම නව නිෂ්පාදන පෙළ හඳුන්වා දී තිබේ.

විශේෂයෙන්ම අපනයනය ඉලක්ක කරගනිමින් මෙම නව ‘Nature Ceylon’ නිෂ්පාදන ඉදිරිපත් කිරීම සිදුව තිබේ.

1978 වසරේදී ස්ථාපිත කෙරුණු රුහුණු ෆුඩ්ස් සමාගම අද වනවිට SLS, ISO, HACCP සහ GMPයන තත්ත්ව සහතික දිනා ගැනීමට සමත්ව ඇතැයි පවසයි. එසේම කුළුබඩු, පිටිවර්ග ඇතුළු රුහුණු ෆුඩ්ස් නිෂ්පාදන මෙරට සියලුම ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳ සැල් සහ සිල්ලර අලෙවිසැල් තුළදී මිලදී ගත හැකිය.

Visits: 77