ටෝකියෝ සිමෙන්ති කොටසකට රුපියල් 1.25 බැගින් ලාභාංශ ගෙවීමක

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ටෝකියෝ සිමෙන්ට් කම්පැනි (ලංකා) පීඑල්සී සමාගම සිය ඡන්ද හිමි සහ නිෂ්ඡන්ද කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ පැවැත්වුණු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවකදී මෙම යෝජනාව ඉදිරිපත්ව ඇත.

ඒ අනුව මෙහිදී ටෝකියෝ සිමෙන්ට් කම්පැනි (ලංකා) පීඑල්සී සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි සහ නිෂ්ඡන්ද කොටසක් සඳහාම රුපියල් 1.25 ක් බැගින් ලාභාංශ ගෙවීමට තීරණය වී ඇත.

2021 මාර්තු 31 වැනිදායින් අවසන් වූ 2020/21 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බව සමාගම පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ජූලි 22 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ජූලි 02 වැනිදා නම් කෙරී ඇත.

ටෝකියෝ සිමෙන්ට් කම්පැනි (ලංකා) පීඑල්සී සමාගම සඳහන් කරන ආකාරයට මෙම ලාභාංශ ගෙවීම සඳහා එහි කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව නැත.

ටෝකියෝ සිමෙන්ට් කම්පැනි (ලංකා) පීඑල්සී සමාගම පසුගිය 2020 වසරේ නොවැම්බර් මාසයේදීද සිය ඡන්ද හිමි සහ නිෂ්ඡන්ද කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමක් සිදු කර තිබේ. එහිදී කොටසකට රුපියල් 1.50ක් බැගින් ලාභාංශ ගෙවා ඇති අතර, එය 2019/20 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු සහ අවසන් ලාභාංශ ලෙස සටහන්ව ඇත.

Visits: 200