HSBC සිය ප්‍රංශ මෙහෙයුම් විකුණා දැමීම ස්ථිර වෙයි

ලොව මුල් පෙළේ බහුජාතික බැංකුවක් වන හොංකොං ෂැන්ග්හයි බෑන්ක් කෝපරේෂන් (HSBC) ප්‍රංශය තුළ ක්‍රියාත්මක සිය සිල්ලර බැංකුකරණ මෙහෙයුම් අත්හැරීමේ තීරණය ස්ථිර කර ඇතැයි පවසයි.

ඒ අනුව අද දිනයේදී එම මෙහෙයුම් සියල්ලම ඇමෙරිකානු එක්සත් ජනපද ප්‍රාග්ධන අරමුදලක් වන Cerberus සමූහය විසින් මිලදී ගැනීමට නියමිතව තිබේ. දැනට මාස කිහිපයකට පෙරාතුව HSBC බැංකුව සහ Cerberus සමූහය මෙම එකඟතාවට පත්ව තිබුණි.

ආසන්න කාලසීමාවේදී ප්‍රංශය තුළ සිදු කෙරුණු සිය සිල්ලර බැංකු කරණ මෙහෙයුම් හි ලැබූ දරුණු අලාභයන්ද සමගින් සිය සමූහයේ පාඩු අවම කරගැනීමේ අරමුණින් HSBC බැංකුව මෙලෙස සිය ව්‍යාපාර අලෙවි කිරීමට තීරණය කර ඇත.

මේ සමගින් ප්‍රංශය තුළ  HSBC හි සිල්ලර බැංකුකරණ මෙහෙයුම් යටතේ ක්‍රියාත්මක එහි බැංකු ශාඛා 230ක් සහ සේවකයන් 4,000ක් පමණ Cerberus සමූහය යටතට පත්වීමට නියමිතව ඇත.

මේ අතර Cerberus සමූහය සමගින් ඇති කරගෙන ඇති එකඟතාව යටතේ HSBC බැංකුව යූරෝ බිලියන 1ක මුදලක් ඉදිරියේදී ආයෝජනය කිරීමටද සූදානමින් සිටියි. මෙය බොහෝ විට යූරෝ බිලියන 1.5ක් පමණ විය හැකි වබත් ප්‍රංශ මාධ්‍ය සඳහන් කර සිටියි.

Visits: 189