ලංකා සෙරමික් ලාභාංශ නිවේදනය වෙද්දී කොටසක් රු. 27කින් ඉහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලංකා සෙරමික් පීඑල්සී (CERA.N0000) සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවිමට තීරණය කර ඇතැයි පවසයි. අද පැවැත් වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව ඇත.

ඒ අනුව සමාගම මගින් මෙතෙක් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 90ක් බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව ලංකා සෙරමික් පීඑල්සී පීඑල්සී පවසයි.

මෙහිදී එම ලාභාංශ ගෙවීම 2021 වසරේ මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ලබා ගෙන අවසන් ලාභාංශ ගෙවීම බව සමාගම සඳහන් කර තිබේ.

ඒ අනුව මෙම ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ජූලි 20 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස ලබන ජූලි 01 වැනිදා නම් කෙරී තිබේ.

මෙහිදී අදාළ ලාභාංශ ගෙවීම සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය හිමිවිය යුතුව ඇති බවත්, ඒ සඳහා වන මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන ජූනි 30 වැනිදා පැවැත්වෙන බවත් ලංකා සෙරමික් පීඑල්සී පවසයි.

අද දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී ලංකා සෙරමික් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 158.75ක් ලෙස සටහන්ව තිබුණි. එය පසුගිය සිකුරාදා සමාගමේ කොටසක් සඳහා හිමි වූ රුපියල් 131.75ට සාපේක්ෂව රුපියල් 27කින් එනම් 20.49෴කින් ඉහළ යාමකි.

ලංකා සෙරමික් පීඑල්සී සමාගම පසුගිය පෙබරවාරි මාසයේදීද සිය ලාභාංශ ගෙවීමක් සිදු කළ අතර එහිදී කොටසකට රුපියල් 1.30 බැගින් හිමි විය. එය 2020/21 මූල්‍ය වර්ෂය සඳහා ලබා දුන් පළමු අතරමැදි ලාභාංශයද විය.

ලංකා සෙරමික්ස් පීඑල්සීහි වැඩිම කොටස් හිමිකාරීත්වයක් පවතින්නේ රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සමාගමටයි. එය කොටස් 4,413,390ක් හෙවත් 73.557% ක ප්‍රතිශතයකි.

අද දිනයේදී ලංකා සෙරමික්ස් පීඑල්සී සමාගමේ 2020/2021 මූල්‍ය වර්ෂය සඳහා වන මූල්‍ය වාර්තාව නිකුත් වූ අතර, සමාගම රුපියල් මිලියන 67.8ක බදු පසු ලාභයක් වාර්තාකර ඇතැයි සඳහන්ව තිබේ.

Visits: 471