සොෆ්ට්ලොජික් ලයිෆ් COVID-19 මධ්‍යයේ සිය රක්ෂණ හිමිකරුවන් බලගන්වයි

සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම සමාජීය වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන්ද දැවැන්ත බලපෑමක් ඇති කරමින් දිනෙන් දින ඉහළ යමින් පවතින කොවිඞ්-19 වසංගත තත්වය හමුවේ සිය සේවාවන් අඛණ්ඩව ලබා දීමට කටයුතු කරමින් සිටින බව පවසයි.

විශේෂයෙන්ම සොෆ්ට්ලොජික් ලයිෆ්හි රක්ෂණ හිමිකරුවන්ගේ මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ යහ පැවැත්ම හා ආරක්ෂාව වෙනුවෙන් ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රය තුළ නව්‍යකරණ හා පරිවර්තනීය සේවාවන් හඳුන්වා දෙමින් ඔවුන් වෙත අඛණ්ඩ සේවාවක් ලබා දීමට සොෆ්ට්ලොජික් ලයිෆ් පියවර ගෙන ඇත.

පසුගිය වසරේ මාර්තු මාසයේදී රට වසා දැමීම ආරම්භ වූ දා සිට සොෆ්ට්ලොජික් ලයිෆ් සිය සේවා නව්‍යකරණයට හා වැඩිදියුණු කිරීමට ලක් කරමින් ක්ෂේත‍්‍රය තුළ නවතම හඳුන්වාදීම් සමඟින් ගනුදෙනුකරුවන් වෙත වඩා ශක්තිමත් සේවාවක් ලබා දීමට කටයුතු කරන ලදී. විශේෂයෙන් අන්තර්ජාලය හරහා සිදු කරන වාරික ගෙවීම් සේවාවල සිට ගනුදෙනුකරුවන් වෙත සහනදායී වාරික ගෙවුම් විසඳුම් සලසාදීමට මෙහිදී සොෆ්ට්ලොජික් ලයිෆ් කටයුතු කරනු ලැබුවේ ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාවටද ප‍්‍රමුඛතාවයක් හිමි කර දෙමිනි.

මෙම සේවාවන් පිළිබඳව අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ්හි ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී ඉන්දු ආටිගල මහතා ‘‘ශ‍්‍රී ලාංකිකයින්ගේ සහජ හැකියාවන්ගෙන් සවිමත්ව නිරන්තරයෙන් ඉදිරියට යන සොෆ්ට්ලොජික් ලයිෆ් එම ශ‍්‍රී ලාංකිකයන් ආරක්ෂා කර ගැනීම හා සවිබල ගැන්වීම වෙනුවෙන් සෑම විටම කැපවී කටයුතු කරන බව පැවසිය යුතුයි. අද වන විට පෙර නොවු විරූ ආකාරයෙන් මෙරට ජන ජීවිතයට සුවිසල් බලපෑමක් එල්ල කොට ඇති ගෝලීය වසංගත තත්වය හමුවේ සැලකිය යුතු ආකාරයේ වෙනස්කම් තුළින් නව සාමාන්‍යකරණය වෙත යොමුවීමට අපගේ අවධානය යොමුවී තිබෙනවා. රට වසා තැබීම ආරම්භයේ සිටම ගනුදෙනුකරුවන් අපගේ සහයෝගය, සංවේදනය මෙන්ම සැබෑ වටිනාකම් පිළිබඳව බලාපොරොත්තු වූ නිසාම ඒවා පිළිබඳව අපි දැඩි අවධානයක් යොමු කිරීමට කටයුතු කළා. ඔවුන්ගේ ජීවිතවලට මේ මොහොතේ අවශ්‍ය සහාය ලබා දෙමින් සහනයක් ලබා දීම වෙනුවෙන් වන විසඳුම් සඳහා ආයෝජනය කිරීමට අපි කටයුතු කර තිබෙනවා.’’ යනුවෙන් පවසා සිටින ලදී.

ආටිගල මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ‘‘සැබැවින්ම දිනෙන් දින වර්ධනය වන ශ‍්‍රී ලාංකේය සන්නාමයක් ලෙස අපි මෙම දුෂ්කර කාලයේදී එකිනෙකා කෙරෙහි ගැඹුරු අවබෝධයෙන් යුතුව කටයුතු කරමින් ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් හා සහනයක් ලබා දීමට අපි අඛණ්ඩව කටයුතු කරන බව මේ මොහොතේ සඳහන් කිරීමට කැමතියි’’ යනුවෙනි.

ශ‍්‍රී ලාංකේය රක්ෂණ ක්ෂේත‍්‍රය උඩුයටිකුරු කරමින් සොෆ්ට්ලොජික් ලයිෆ් වෙතින් හඳුන්වා දෙනු ලැබූ Instaclaim යෙදුම ආයතනික ගනුදෙනුකරුවන් හට හිමිකම් කළමනාකරණය සදහා සුවිසල් අවස්ථාවක් වූ අතර ඒ තුළින් දින තුනක් ඇතුළත සේවකයන්ට තනිව හිමිකම් සකස් කර ගැනීමට මෙන්ම නිරාකරණය කර ගැනීමටද අවස්ථාව උදා විය. නිවසේ සිට සමාගමේ වැඩකටයුතු සිදු කරන අතරතුර මානව සම්පත් අංශයේ අතිරේක මැදිහත්වීම් ඉවත් කිරීමද මෙම යෙදුමෙහි විශේෂත්වයකි.

එසේම එහි LifeUp යෙදුම හා නිළ වෙබ් අඩවිය මගින් වාරික ගෙවීම් සිදු කිරීමේ පහසුකම් සළසා දී ඇති සොෆ්ට්ලොජික් ලයිෆ් මෙරට විශාලතම සුපිරි වෙළෙඳසැල් වන කාගිල්ස් ෆුඞ් සිටි සමඟ එක් වෙමින් එම වෙළෙඳසැල් හරහා වාරික ගෙවීමේ පහසුකම් සලසා ගැනීමේ හැකියාවද ගනුදෙනුකරුවන් වෙත සලසා දී ඇත.

තවද මෙම කාලය තුළ නිවසින් පිටතට යාමේ අවදානම අවම කරමින් ගනුදෙනුකරුවන්ගේ නිවසටම පැමිණ වාරික ගෙවීම් එකතු කිරීම සඳහා වගකීමෙන් හා කැපවීමෙන් යුතු මූලික ආරක්ෂණ නිළධාරීන් පිරිසක් යොමු කිරීමටද සොෆ්ට්ලොජික් ලයිෆ් කටයුතු කර ඇත්තේද ගනුදෙනුකරුවන්ගේ පහසුව හා ආරක්ෂාව ප‍්‍රමුඛත්වයෙහි ලා සලකන බැවිනි. එහිදී සියලූ ගනුදෙනුකරුවන්ගේ ගෙවීම් සඳහා රිසිට්පතක් නිකුත් කරනු ලබන බැවින් ගෙවීම් සම්බන්ධයෙන් පූර්ණ විනිවිදභාවයක් හා විශ්වාසයක් ගොඩනැගීමටද ඔවුන් සමත්ව ඇත. කෙසේ වුවද සංචරණ සීමාවන් හේතුවෙන් අදාළ නිළධාරීන්ට ගනුදෙනුකරුවන් වෙත වාරික ගෙවීම් එකතු කිරීම සඳහා ළඟා වීමට නොහැකිවීම හේතුවෙන් නිසි ආකාරයෙන් වාරික ගෙවීම් වෙනුවෙන් PCU යෙදුම හඳුන්වාදීමට ද සොෆ්ට්ලොජික් ලයිෆ් පියවර ගනු ලැබීය.

එක් දින හිමිකම් ගෙවීමේ ක‍්‍රියාවලිය, තැපැල් හා ජංගම රක්ෂණ විසඳුම් ඇතුළු තවත් බොහෝ රක්ෂණ සේවාවන් සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් ශ‍්‍රී ලාංකේය ගනුදෙනුකරුවන් වෙත හඳුන්වා දී ඇත්තේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ සම්මතයන් ද අභිබවා යමිනි. මෙරට කර්මාන්තයන් තුළ බොහෝ හඳුන්වාදීම්හි ප‍්‍රමුඛත්වය ගෙන ඇති සොෆ්ට්ලොජික් ලයිෆ් ජාත්‍යන්තර වශයෙන්ද ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම වෙනුවෙන් ඉහළ සේවාවක් ලබා දීමට කටයුතු කර ඇත්තේ වගකිව යුතු ආයතනයක කාර්යභාරය මනාව හඳුනා ගනිමිනි.

Visits: 177