ඇන්ටිජන් සහ පීසීආර් පිළිබඳව පෞද්ගලික රෝහල් වෙත නව මාර්ගෝපදේශ

කොවිඩ්-19 ආසාදිතයින් හඳුනාගැනීම සඳහා පී.සී.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන පෞද්ගලික රෝහල් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් නිශ්චිත මාර්ගෝපදේශ නිකුත්කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් අදාළ පෞද්ගලික රෝහල්වල රසායනාගාර භාර ප්‍රධානීන් වෙත එම මාර්ගෝපදේශ අද (22) ලිඛිතව දී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි..

ඒ අනුව, 

  • 01. පරික්ෂණය කළ යුත්තේ ප්‍රතිකාර නිශ්චය කිරීම භාර වෛද්‍ය විශේෂඥයා හෝ වෛද්‍ය නිලධාරීන් හෝ එකී අවශ්‍යතාව නිර්දේශ කර ඇත්නම් පමණි.
  • 02.සාම්පල ලබාගැනීමෙන් පසු ප්‍රතිඵල ලැබෙන තුරු ආයතනය/නිවස ඇතුළත හුදකලාව රැඳී සිටින ලෙස රෝගියාට නියම කළ යුතුය.
  • 03. රෝගියාට කොවිඩ්-19 ආසාදනය වී ඇත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ  වසංගත රෝග ඒකකයට, අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සහ රෝගීයාට දැනුම්දීම රෝහලේ වගකීමකි.
  • 04. ආසාදිත රෝගීන් වගකිවයුතු වෛද්‍යවරයාගේ නිර්දේශ පරිදි බලයලත් කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක රැඳවීමට රෝහල් බලධාරීන් ක්‍රියා කළ යුතුය.

යම් පෞද්ගලික රෝහලක් මේ නියමයන් කඩ කරන්නේ නම් කොවිඩ්-19 පී.සී.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සිදුකිරීමට රෝහලට දී ඇති අවරසය අවලංගු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් දැනුම් දී තිබේ.

Visits: 52