රජය ඇනවුම් කළ ජම්බෝ සිලින්ඩර තොගයක පළමු කොටස මෙරටට – රාජ්‍ය ඇමති මහාචාර්ය ජයසුමන

කොරෝනා වසංගතය හමුවේ රට තුළ රෝගීන්ගේ භාවිතය සඳහා ඔක්සිජන් හිඟයක් ඇති වීම වැළැක්වීම සඳහා රජය විසින් ඇනවුම් කරන ලද ජම්බෝ සිලින්ඩර තොගයේ පළමු කොටස අද මෙරටට හිමි වූ බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම සහ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

සිය ෆේස්බුකු ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

මෙම එක් ජම්බෝ සිලින්ඩරයක් තුළ ඔක්සිජන් වායුව ලීටර් 5640ක් ගබඩා කර තැබිය හැකි බව පැවසෙයි.

මේ අතර මෙරට ඔක්සිජන් නිෂ්පාදනයේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන සිලෝන් ඔක්සිජන් සමාගම දිනකට ඔක්සිජන් සිලින්ඩර 13,000ක් පිරවිය හැකි යන්ත්‍රාගාරයක් ඉදිකරමින් පවතින බවත් මේ වන විට එහි කටයුතු නිම වෙමින් පවතින බවත් අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබේ.

Visits: 102