Business Leader සම්මාන උළෙලේදී යූනියන් ඇෂුවරන්ස් වසරේ ජීවිත රක්ෂණ සමාගම වෙයි

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් සීඝ‍්‍රයෙන් වර්ධනය වන ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කරමින් ලෝක නායකත්ව සම්මේලනය විසින් ඉන්දියාවේ මුම්බායි හිදී සංවිධානය කරන ලද Business Leader of the Year සම්මාන උළෙලේදී ඉහළම පෙළේ සම්මාන 6කින් පිදුම් ලැබීමට පසුගියදා සමත් විය.   

සිය නවෝත්පාදන හා ශක්තිමත් සන්නාම හැකියාවන් හා අරමුණු මත පදනම්ව ඉහළ වැදගත්කමකින් යුත් රක්ෂණ සැලසුම් ඉදිරිපත් කිරීම සඳහා පාරිභෝගිකයින් කේන්ද්‍ර කොටගත් ඩිජිටල් මෙහෙයුම් ආකෘතියක් අනුගමනය කිරීම වෙනුවෙන් වසරේ විශිෂ්ටතම ජීවිත රක්ෂණ සමාගම ලෙස මෙන්ම වසරේ වඩාත් ප‍්‍රශංසනීයම සමාගම ලෙස ද සිය විශිෂ්ටත්වය සනිටුහන් කිරීමට යූනියන් නියන් ඇෂුවරන්ස් සමත් වීම මෙහිදී විශේෂයෙන් කැපී පෙනිණි.

යූනියන් ඇෂුවරන්ස් සමාගම ජීවිත රක්ෂණ  ක්ෂේත‍්‍රයේ ඒ ආකාරයෙන් ගෞරවයට පාත‍්‍ර වන විට එහි ප‍්‍රධාන විධායක නිළධාරී ජූඞ් ගෝම්ස් මහතාද වසරේ ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස සම්මාන දිනා ගැනීමට සමත් වූයේ වසරේ දැක්මක් සහිත නායකයා සම්මානයේ ගෞරවය ද තමන් වෙත හිමිකර ගනිමිනි.

2020 වසරේදී අත්විඳි පෙර නොවූ විරූ අභියෝග රැසක් හමුවේ නවෝත්පාදනය හා පරිවර්තනීය දැක්මක් තුළින් ගනුදෙනුකරුවන්, රක්ෂණ සේවාවන් මෙන්ම ආයතනික ක‍්‍රියාවලීන් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් දැක් වූ පුරෝගාමී නායකත්වය අගයමින් ජූඞ් ගෝම්ස් මහතාට එම සම්මාන ද්විත්වයම පිරිනැමීම සුවිශේෂී වේ.

මීට අමතරව යූනියන් ඇෂුවරන්ස් ප‍්‍රධාන බෙදාහැරීම් නිලධාරී සෙනත් ජයතිලක මහතා වසරේ තරුණ ව්‍යාපාරික නායකයා ලෙස ද (වයස අවුරුදු 40ට අඩු) සම්මානය දිනා ගත්තේය. විශේෂයෙන් වටිනාකම් දාම පද්ධතියේ සංවර්ධනය වෙනුවෙන් ඔහු සිදු කළ ඉමහත් දායකත්වය වෙනුවෙන් සෙනත් ජයතිලක මහතාට එම සම්මානය හිමි විය.

සිය සමාගම විසින් ලබා ලත් මෙම නවතම ජයග‍්‍රහණ පිළිබඳව අදහස් දැක්වූ යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ජූඞ් ගෝම්ස් මහතා ‘‘යූනියන් ඇෂුවරන්ස් හිමි කරගත් මෙම විශිෂ්ට සම්මානයන් පිළිබඳව මා ඉතාමත් සතුටට පත්වෙනවා. අප ලැබූ මෙම සාර්ථකත්වයන් පිටුපස සිටින ශක්තිය වන්නේ අපගේ නොසැලෙන ආයතනික සාමාජිකයන් බව මේ මොහොතේ විශේෂයෙන් සඳහන් කළ යුතුයි. අපගේ පොරොන්දුව – ඔබේ දිවියට අපේ සවිය යන තේමාව ජය ගැනීම සඳහා අපගේ අරමුණ වන්නේ සෑම දිනකම 250,000කට අධික ශ‍්‍රී ලාංකිකයන්ට සුවිශේෂී රැකවරණයක් සැලසීමයි. මෙවන් ජයග‍්‍රාහී අභිමානවත් කණ්ඩායමක සාමාජිකයකු වීමට ලැබීම මා ලද ගෞරවයක් ලෙස සැලකීමට කැමතියි ’’යනුවෙන් පැවසුවේය.

Visits: 26