මහාපරිමාණ ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීමේ කමිටුව රැස් වෙයි

ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක වන මහා පරිමාණ ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීම සඳහා පත් කෙරී ඇති කමිටුව පසුගියදා මුදල් අමාත්‍යාංශයේදී රැස් වී තිබේ.

එම කමිටුවේ සභාපතිත්වය දරන මුදල්, ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම කැඳවී තිබේ.

මෙම අවස්ථාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වී ඇත.

එහිදී එම ව්‍යාපෘතිවල ඇති ගැටළු විසඳීම සඳහා පැමිණ සිටි නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන් බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

අගමැති සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මහා පරිමාණ ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීමේ මෙම කමිටුව පත් කිරීම සිදු කර තිබේ.

Visits: 69