ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී අප්‍රේල් 12 සිට අත්හිටුවෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මෙරට තුළ බලපත්‍රලාභී මුදල් සමාගමක් ලෙස ක්‍රියාත්මකව පැවැති ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනයෙහි ව්‍යාපාර කටයුතු අප්‍රේල්12 වැනිදා පස්වරු 5.00 සිට බලපැවැත්වෙන පරිදි අත්හිටුවීමට තීරණයකළ බව මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල්මණ්ඩලය විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාරපනතේ 31 (1) වගන්තිය ප්‍රකාරව මෙම ව්‍යාපාර කටයුතු අත්හිටුවීමේ තීරණය ගෙන තිබේ.

“ආයතනයේ මූල්‍ය තත්ත්වය අඛණ්ඩව පසුබෑමට ලක්වීම සහ නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳඳහා ක්‍රියාත්මක කළ හැකි සාධනීය ආයෝජන යෝජනාවලියක් ඉදිරිපත් නොවීම හේතු කොට ගෙන මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන තිබේ.” මහ බැංකුව පවසයි.

2020 ජූලි 10 වැනිදා ගත් තීරණයකට අනුව මහ බැංකුව විසින් 2020 ජූලි 13 වැනිදා බලපැවැත්වෙන පරිදි ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී සහ එහි මව් සමාගම වන, ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් යන ආයතන දෙකෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම සඳහා තීරණය කරතිබුණි.

කෙසේ වෙතත් පසුගිය ජනවාරි 12 වැනිදා දක්වා වූ ව්‍යාපාර කටයුතු අත්හිටවූ මාස හයක කාලය තුළදී ප්‍රාග්ධන යෙදවීමක් හරහා ආයතනය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ක්‍රියාත්මක කළ හැකි යෝජනාවක් ඉදිරිපත් නොවු බවත්, ආයතනයෙහි මූල්‍යතත්ත්වය අඛණ්ඩව පහත වැටීමක් සිදුවිය.

කෙසේ වෙතත් මහ බැංකුවෙහි මුදල් මණ්ඩලය විසින් පත් කරන ලද කළමනාකරණ මණ්ඩලයේ අධීක්ෂණය යටතේආයතනයේ ඉතිරිතැන්පතුවලින්50%ක ප්‍රමාණයක් ආපසු ගෙවීම සඳහා පමණක් 2021 ජනවාරි 13 වැනිදා සිට තෙමසක සීමිත කාලසීමාවක් සඳහා ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස්පීඑල්සී ආයතනයේ ව්‍යාපාර කටයුතු නාමිකව නැවත ආරම්භ කිරීමට තීරණය කෙරිණි.

ඒ අනුව තැන්පතු ආපසු ගෙවීමේ සැලැස්ම යටතේ මාර්තු මාසය අවසන් වනවිට ආයතනයෙහි ඉතිරි තැන්පත්කරුවන්ගෙන් 94%කට රුපියල් මිලියන 665.6ක් ගෙවා නිමකර ඇති අතර, ඉතිරි වී ඇතිගෙවීම්වලට අදාළකටයුතු මේ වනවිට සිදු වෙමින් පවතින බවත් මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

Visits: 219