රාජ්‍ය ඇමති කබ්රාල් ඕමානයේ ජාත්‍යන්තර සබඳතා ප්‍රධානියෙකු හමුවෙයි

මුදල් හා ප්‍රාග්ධන ව්‍යවසාය සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (9) දිනයේදී ඕමාන් රාජ්‍යයේ ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගීතා කටයුතු පිළිබඳ සුල්තාන්ගේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සයීඩ් අසාද් බින් තාරික් අල් සයිඩ් (Sayyid Assad bin Tarik al Said) මැතිතුමන් හමුවී සාකච්ඡාවක් පැවැත් වූ බව එම අමාත්‍යාංශය පවසයි.

මෙහිදී අමාත්‍යතුමන් විසින් ජනාධිපතිතුමන්ගේ සහ අගමැතිතුමන්ගේ සුබ පැතුම් එක් කළ අතර ඕමානයේ රජුන් වන සුල්තාන් හයිතම් බින් තරික් වෙත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ විසින් ලබා දුන් විශේෂ පණිවිඩය ඔහු වෙත වෙත ලබා දී තිබේ.

මේ අවස්ථාව සඳහා ඕමානයේ  ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වඩ් ද සහභාගී වූ බව පැවසෙයි.

Visits: 68