සණස සංවර්ධන බැංකුව දෙවැනි මහජන කොටස් නිකුතුවකට සැරසෙයි

කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කරන ද්විතියක මහජන කොටස් නිකුතුවක් හරහා (SPO) තවදුරටත් ප්‍රාග්ධන රැස්කිරීමක් සිදු කිරිමට සණස සංවර්ධන බැංකුව තීරණය කර තිබෙන බව පවසයි. අද දිනයේදී රැස්වුණු එම බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදි මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

සණස සංවර්ධන බැංකුව මගින් පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී (2020 මූල්‍ය වර්ෂයේදී) සිදුකළ හිමිකම් නිකුතුවක් හරහා අධිඉල්ලුමක්ද සමගින් රුපියල් බිලියන 1.5ක ප්‍රාග්ධනයක් රැස් කරගැනීමේ සාර්ථකත්වයත් සමගින්ම බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලය මෙම තීරණය ගෙන ඇතැයි පවසයි.

මෙම ද්විතියික මහජන කොටස් නිකුතුවේ පළමු නිකුත් කිරීම ලෙස බැංකුවෙහි නව ඡන්ද හිමි කොටස් මිලියන 68ක් (68,000,000ක්) නිකුත් කිරීම සැලසුම වි තිබේ. ඒ සඳහා ඉදිරිපත් වන වන අධි ඉල්ලුමත් සමගින්ම තවත් නව ඡන්ද හිමි කොටස් මිලියන 20ක් (20,000,000ක්) නිකුත් කිරීමට සැලසුම් කරන බවත් සණස සංවර්ධන බැංකුව පවසයි.

ඒ අනුව මෙම ද්විතියික මහජන කොටස් නිකුතුව හරහා සිදු කෙරෙන සමස්ත ඡන්ද හිමි කොටස් ප්‍රමාණය මිලියන 88 ක් (88,000,000ක්) ලෙස සටහන් වෙයි.

මෙහිදී නිකුත් කරන කොටසක් සඳහා වන මිල ගණන් පිළිබඳව බැංකුවෙහි අතිවිශේෂ මහා සභා රැස්වීමට දින තුනකට පෙරාතුව අවසන් තීරණයකට පැමිණෙන බවත් සණස සංවර්ධන බැංකුව වැඩි දුරටත් පවසා සිටියි.

Visits: 450