යුනියන් බැංකුව කොටසකට ශත 13 බැගින් ලාභාංශ ගෙවීමේ තීරණයක

කොළඹ කොටස් හුවමාරුවෙහි බැංකු අංශය තුළ ලැයිස්තුගත මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන යුනියන් බැංකුව (යුනියන් බෑන්ක් ඔෆ් කලම්බු පීඑල්සී) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

අවසන්වරට පැවැත් වුණූ එම බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මෙම ලාභාංශ ගෙවීම පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව බැංකුව මගින් දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 13 බැගින් ලාභාංශ ගෙවන බව බැංකුව පවසයි.

මෙය 2020 මූල්‍ය වර්ෂය වෙනුවෙන් ලබා ගෙන ලාභාංශ ගෙවීමක් වන අතර අවසන් ලාභාංශ ගෙවීම ලෙසද සඳහන් කෙරී ඇත.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන මැයි 5 වැනිදා නම් කෙරී ඇත. එසේම ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ලබන අප්‍රේල් 12 වැනිදා ප්‍රකාශයට පත්ව තිබේ.

මෙම ලාභාංශ ගෙවීම සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් යුනියන් බැංකුව වැඩිදුරටත් පවසා සිටියි. අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවන විට යුනියන් බැංකුවෙහි කොටසක වටිනාකම රුපියල් 10.40ක් ලෙස සටහන්ව තිබුණි. එය ඊයේ දිනයේදී කොටසක වටිනාකම වූ රුපියල් 10.50ට සාපේක්ෂව ශත 10ක අඩුවීමක් එනම් -0.95% ප්‍රතිශතයක පහත වැටීමක් ලෙස සටහන්ව ඇත.

Visits: 186