අඩු ආයෝජක දායකත්වය නිසා දර්ශක අගයන් පහළ බසී

අද (මාර්තු 30දා) දිනයේදී පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී සමාගම තුළ විදේශයන්හි සිට විදේශයන් වෙත සිදු වුණු ගනුදෙනුව හේතුවෙන් වෙළෙඳ පොළ වෙත වැඩි අවධානයක් යොමු විය. එහෙත් ඊයේ දිනයේදී දැවැන්ත ලෙස විදේශ ආයෝජන පිටතට ගලායාමක් වාර්තා වීම සහ බැංකු කිහිපයකම ලාභාංශ රහිත දිනය හෙට දිනයේදී යෙදී තිබීම යන කාරණා හේතුවෙන් බැංකු අංශය පිළිබඳව ආයෝජකයන් තුළ යම් උදාසීන ගතියක් දක්නට ලැබුණි. මීට අමතරව ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණය තවදුරටත් සිදු වීම මෙන්ම ඉදිරියේ එලැඹෙන නිවාඩු සමය යන කරුණු නිසා ආයෝජකයන්ගේ වෙළෙඳ පොළ සහභාගිත්වය අඩු වීම දර්ශක පහත වැටීමට හේතු වූ බව එම සමාගම් වැඩිදුරටත් පවසා සිටියි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,110.06ත් ඒකක 7,154.88ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,115.12 ක් බවට පත්විය. එය ඊයේ (මාර්තු 29) දිනයට සාපේක්ෂව ඒකක 12.57 ක් එනම් -0.83%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී, හේලීස් පීඑල්සී සහ ද කැන්ඩි හොටෙල්ස් කම්පැනි පිඑල්සී සමාගම් තුළ සිදු වූ ගනුදෙනු දිනයේ පිරිවැටුමෙන් 84.2%ක් සඳහා දායකත්වය ලබා දී ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 68ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 86ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (+2.48), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (+1.87), ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+1.51), කැන්ඩි හොටේල්ස් කම්පැනි පීඑල්සී KHL (+1.33), පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී GLASS (+1.3), බ්‍රවුන් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-3.29), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-2.24), බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි පීඑල්සී BRWN (-1.83), එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී SPEN (-1.67), කොමර්ෂල් බැංකුව COMB (-1.51) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,881.67 ක අගයක් ගත් අතර, එය  ඊයේ (මාර්තු 29) දිනයට සාපේක්ෂව ඒකක 2.47 ක එනම් -0.09%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 7.45ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (මාර්තු 29) වාර්තා කළ රුපියල් බිලියන 2.19 ට සාපේක්ෂව 241% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.11ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 5.0%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් බිලියන 6.24ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් බිලියන 6.38ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 137.12කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 17.65ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය කොමර්ෂල් බැංකුව විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 5.25 කි. එසේම හැටන් නැෂනල් බැංකුව නිෂ්ඡන්ද කොටස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 40.36ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 6,606ක් සඳහා නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 89% ක අගයක් ගෙන තිබේ. බැංකු සහ ප්‍රාග්ධන භාණ්ඩ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 341ක සහ රුපියල් මිලියන 278ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 274