2019/20 මූල්‍ය වසරේදී ඉහළම වත්කම් ප්‍රමාණයක් පැවැති ලැයිස්තුගත සමාගම් 20

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් අතරින් 2019/20 මූල්‍ය වර්ෂය තුළදී ඉහළම වත්කම් ප්‍රමාණයක් පවත්වා ගෙන යාමට සමත් වූ සමාගම් 20 ඇතුළත් දර්ශකය නිකුත් කිරීමට මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සඟරාවක් වන LMD සඟරාව පසුගියදා කටයුතු යෙදා තිබේ.

එම සඟරාව මගින් සෑම වසරකදීම නිකුත් කරන නිමා වූ ආසන්නතම මූල්‍ය වර්ෂයේ වඩාත් ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළ ලැයිස්තුගත සමාගම් 100 පිළිබඳව සඳහන් කරමින් නිකුත් කෙරෙන LMD 100 ප්‍රකාශනය තුළ මේ බව සඳහන් වී ඇත.

ඒ අනුව මෙම ලැයිස්තුගත සමාගම් අතරින් ඉහළම ලාභ හිමිකරගත්, ඉහළම වත්කම් ප්‍රමාණයක් පවත්වාගෙන යන සහ ඉහළම වෙළෙද පොළ ප්‍රාග්ධනීකරණයක් සහිත සමාගම් පිළිබඳවද දර්ශක සකස් කිරීම සිදු කෙරේ.

ඒ අතරින් ඉහළම වත්කම් ප්‍රමාණයක් පවත්වාගෙන යන සමාගම් දර්ශකය තුළ වැඩිම වත්කම් ප්‍රමාණයක් පවත්වාගෙන යාමට සමත්ව ඇති ලැයිස්තුගත සමාගම් වැඩි ප්‍රමාණය බැංකු බවට පත්ව තිබේ.

ඒ අනුව 2019/20 මූල්‍ය වර්ෂයේදී වැඩිම වත්කම් ප්‍රමාණයක් රැස් කරගනිමින් මෙම දර්ශකයේ පළමු ස්ථානයට පත් වීමට කොමර්ෂල් බැංකුව සමත්ව ඇත. එම බැංකුව මෙහිදී පවත්වාගෙන යන වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 1,408,941 කි. දෙවැනි ස්ථානයේ පසුවන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවත්වාගෙන යන වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 1,335,919 කි. එසේම තෙවැනි ස්ථානයේ පසුවන හැටන් නැෂනල් බැංකුව රැස් පවත්වාගෙන යන වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 1,196,384 කි.

මෙම දර්ශකයේ සිව්වැනි ස්ථානයේ පසුවන්නේ සම්පත් බැංකුවයි. ඔවුන් පවත්වාගෙන යන වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 999,323 කි. නැෂනල් ඩිවලොප්මන්ට් බැංකුව රුපියල් මිලියන 535,600ක වත්කම් ප්‍රමාණයක් පවත්වාගෙන යමින් පස්වැනි ස්ථානයේ පසුවෙයි. හයවැනි ස්ථානය හිමි කරගෙන ඇත්තේ සෙලාන් බැංකුවයි එම වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 516,631 කි.

හත්වැනි, අටවැනි, නවවැනි සහ දහවැනි ස්ථාන පිළිවෙලින් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, ඩීඑෆ්සීසී බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී යන සමාගම් හිමි කරගැනීමට සමත්ව ඇත. එම සමාගම් 2019/20 මූල්‍ය වර්ෂයේදී පවත්වාගෙන විත් ඇති වත්කම් ප්‍රමාණය පිළිවෙලින් රුපියල් මිලියන 436,944ක්, 406,912ක්, 325,369ක් සහ 253,207ක් ලෙස සටහන්ව ඇත.

එසේම එකළොස් වැනි ස්ථානයට පත්ව ඇති හේලීස් පීඑල්සී සමාගම පවත්වාගෙන යන වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 248,‍309 කි. එසේම දොළොස් වැනි ස්ථානයේ පසුවන වැලිබල් වන් පීඑල්සී පවත්වාගෙන යන වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 242,467 කි. දහතුන් වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී පවත්වාගෙන යාමට සමත්ව ඇති වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 209,019 කි.

දහ හතරවැනි ස්ථානයේ සිට දහ අට වැනි ස්ථානය දක්වා පසුවන එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී, ඩයලොග් ආසිආටා පීඑල්සී සහ කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී යන සමාගම් මගින් පවත්වාගෙන යන වත්කම් ප්‍රමාණය පිළිවෙලින් 191,888ක්, 185,998ක්, 179,900ක්, 176,197ක් සහ 172,888ක් ලෙස සටහන්ව ඇත.

මීට අමතරව බුකිට් ඩරාහ් පීඑල්සී සහ පෑන් ඒෂියා බැංකුව පිළිවෙලින් රුපියල් මිලියන 167,092ක සහ 152,980ක වත්කම් ප්‍රමාණයක් පවත්වාගෙන යමින් මෙම දර්ශකයේ දහනවවැනි සහ විසිවැනි ස්ථානවලට පත්ව තිබේ.

Visits: 556