මහජන බැංකුවේ වනිතා වාසනා සමඟ ඉතිරි කර ජීවිතය ජයගන්න

තම පවුලේ, සමාජයේ මෙන්ම මාතෘ භුමියේ ද හෙට දිනය වෙනුවෙන් නිරන්තරයෙන් තම ශ‍්‍රමය කැපකරන ශ‍්‍රී ලාංකීය කාන්තා පරපුර විසින් සිදු කරන අමිල මෙභෙවරට ගෞරව ප‍්‍රණාම දැක්වීමට මාර්තු 08 දිනට යෙදෙන ජගත් කාන්තා දිනය සමරමින් මහජන බැංකුව ද එක්වන බව පවසයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (කි‍්‍රයාවලි කළමනාකරණ හා තත්ව ආරක්ෂණ/ පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) රේණුකා ජයසිංහ මහත්මිය,

”සකසුරුවම දෝතින්ම උරුම කරගත් ශ‍්‍රී ලාංකීය කාන්තා පරපුරට ඉතිරි කිරිම් තවදුරටත් ප‍්‍රගුණ කරන්නට ඉඩ ප‍්‍රස්ථා සලසා දෙමින් 1993 වසරේදී ජගත් කාන්තා දිනයට සමගාමීව වනිතාවන් වෙනුවෙන් ”වනිතා වාසනා” ඉතුරුම් ගිණුම මහජන බැංකුව විසින් හඳුන්වා දුන්නා.  මෙරට වාණිජ බැංකුවක් කාන්තාවන් සඳහාම විශේෂයෙන් හඳුන්වා දුන් ප‍්‍රථම ගිණුම වන්නේ වනිතා වාසනා ගිණුමයි.

එතැන් පටන් වනිතා ඉතුරුම් දිරිගැන්වීමෙන් මෙන්ම විවිධ ණය පහසුකම් ලබාදීමෙන් දේශයේ කාන්තාව නැංවීම හා එමඟින් පවුලේ ආර්ථිකය නගා සිටුවීමට ද,  රටේ ආර්ථික නවෝදයට ඉතුරුම් තුළින් ප‍්‍රබල දායකත්වයක් ලබාදීමට ද ‘වනිතා වාසනා’ කාන්තා ඉතුරුම් ගිණුම තුළින් මහජන බැංකුවට හැකිවුනා. ඒ අනුව ශි‍්‍ර ලාංකීය වනිතා පරපුරේ ඉතිරිකිරිමේ සිරිත දිරිගැන්විම සහ ආර්ථික ශක්තිය දියුණු කිරිමේ අරමුණින් මහජන බැංකුව මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය තේමාකරගනිමින් වනිතා වාසනා ගිණුමින් සුවිශේෂි ප‍්‍රතිලාභ රැසක් ලබාදෙනවා.

කොවිඞ් 19 වසංගත තත්වය තුළ පසුගිය වසර තුළ අපිට මුහුණ දීමට සිදුවුනේ පෙර අපේක්ෂා කළ නොහැකි අභියෝගයන්ට. විශේෂයෙන් වසංගත තත්වයෙන් ව්‍යාකුලවූ සමාජ ආර්ථික වටපිටාව තුළ පවුලේ ආර්ථිකය කළමනාකරණය කරගැනීමේලා සුවිශේෂි කාර්යභාරයක් කාන්තාව වෙත පැවරුනා. එමෙන්ම එළඹ ඇති නව සාමාන්‍ය තත්වය තුළත් කාන්තාව වෙත පැවරී ඇති භුමිකාව සුවිශේෂියි. මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ අපගේ තේමාව වන්නේ ‘නොසැලී අධිෂ්ඨානයකින් යුතුව අභියෝගවලට මුහුණ දීමට ඉතිරි කරමු’ යන්නයි.

මහජන බැංකුව මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන්ම Vanitha Vasana Smart Ladies  සය මාසික ඉතුරුම් තැන්පතු සහතිකය හඳුන්වා දෙනවා. මෙම සහතික රුපියල් 25000/=, රු. 50000/=, රු 100,000/= සහ රු. 250,000/= යන වටිනාකම් වලින් යුක්තයි. මෙහි විශේෂත්වය වන්නේ සාමාන්‍ය ඉතුරුම් ගිණුමට ලැබෙන පොලියට වඩා 30% ක බෝනස් පොලියක් ගිණුම ආරම්භයේදීම ලැබීමයි.” යනුවෙන් පවසයි.

එමෙන්ම ජාත්‍යන්තර කාන්තා දිනයේ දී එනම් මාර්තු 08 වැනි දින Vanitha Vasana Smart Ladies ගිණුම් විවෘත කරන වනිතාවන්ට වටිනා සමරු තිළිණයක් සමඟ දිවයිනේ ප‍්‍රමුඛතම වෙළඳ ආයතන මඟින් වට්ටම් වවුචර්ද පිරිනැමේ.

වනිතා වාසනා ගිණුමට සමගාමීව අරපිරිමැස්ම ඔස්සේ වනිතා පරපුරේ ආර්ථික ශක්තිය ක‍්‍රමානුකුලව ඉහළ නැංවීමේ පරමාර්ථයෙන් වනිතා වාසනා Money Planner ආයෝජන සැලසුම් ගිණුම ද හඳුන්වා දී ඇත. වසර අවසානයේ ඔබ ඉතිරිකිරිමට බලාපොරොත්තු වන මුදල අනුව රු. 10,000/=,  රු.25,000/=,  රු. 50,000/=,  රු. 100,000/=,  රු. 250,000/=,  රු. 500,000/= වටිනාකමින් යුත් මෙම ආයෝජන සැලසුම් හඳුන්වා දී ඇත.

“ඉදින් මහජන බැංකුව කාන්තා ඔබ වෙනුවෙන්ම වනිතා වාසනා ගිණුම හඳුන්වා දි ඇත්තේ ඔබගේ ඉතිරිකිරිමේ සිරිත දිරිගැන්විම සඳහාමයි. අනාගතය දෙස සුබවාදිව බලන කාන්තා ඔබටත් වනිතා වාසනා ගිණුම සමඟ එක්වී, ඔබේ සිහින සැබැකරගෙන ලෝකයම ජයගන්නා මෙන් මහජන බැංකුව ගෞරවයෙන් ආරාධනා කර සිටී.” යනුවෙන්ද ඇය පවසා සිටියි.

Visits: 296