ලාභය අනුව 2019/20 දී ඉහළ කාර්යසාධනයක් පෙන්වූ ලැයිස්තුගත සමාගම් 20

මෙරට ලැයිස්තුගත සමාගම් අතරින් 2019/20 වසරේදී ලාභය අනුව ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කළ සමාගම් 20 ප්‍රසිද්ධියට පත් කිරීමට මෙරට මුල් පෙළේ ව්‍යාපාරික සඟරාවක් වන LMD සඟරාව සිය LMD100 ප්‍රකාශනය හරහා පියවර ගෙන ඇත.

මෙම LMD100 ප්‍රකාශනය මගින් මෙරට ඉදිරි පෙළ ලැයිස්තුගත සමාගම් 100ක කාර්යසාධනයන් පිළිබඳව කරුණු සඳහන් කර තිබේ. මෙම ලැයිස්තුගත සමාගම් එළි දැක් වූ එම සමාගම්වල කාර්ය සාධන වාර්තාවන් අනුව මෙම ලැයිස්තුව සකස් කෙරී ඇත.

ඒ අනුව 2019/20 මූල්‍ය වර්ෂයේදී හිමි කරගෙන ඇති ලාභය අනුව මෙම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව ඇත්තේ එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමයි. එම ලාභය රුපියල් මිලියන 19,792 කි. දෙවැනි ස්ථානයට පත්ව සිටින කොමර්ෂල් බැංකුවේ ලාභය රුපියල් මිලියන 17,420 කි. තෙවැනි ස්ථානයට පත්ව ඇති සිලෝන් ටොබැකෝ කම්පැනි සමාගමේ ලාභය රුපියල් මිලියන 17,259 කි.

සිව්වැනි ස්ථානයට පත්ව ඇති හැටන් නැෂනල් බැංකුවේ ලාභය රුපියල් මිලියන 15,029 කි. පස්වැනි ස්ථානයේ පසුවන සම්පත් බැංකුවේ ලාභය රුපියල් මිලියන 11,668 කි. හයවැනි ස්ථානයට පත්ව සිටින ඩයලොග් ආසිආටා සමාගමේ ලාභය රුපියල් මිලියන 10,726 කි.

හත්වැනි ස්ථානයේ සිට නව වැනි ස්ථානය දක්වා ඇතුළත් සමාගම් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, සෙලින්කෝ රක්ෂණ සමාගම සහ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් යන සමාගම් 2019/20 මූල්‍ය වර්ෂයේදී හිමි කරගෙන ඇති ලාභ පිළිවෙලින් රුපියල් මිලියන 8,783ක්, 7,185ක් සහ 7,185ක් ලෙස සටහන්ව ඇත.

මෙම ලැයිස්තුවේ දහවැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම 2019/20 වර්ෂයේදී හිමි කරගෙන ඇති ලාභය රුපියල් මිලියන 6,322 කි.

11 වැනි ස්ථානයේ පසුවන වැලිබල් වන් සමාගමේ ලාභය රුපියල් මිලියන 6,296 කි. දොලොස් වැනි ස්ථානයේ පසුවන ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකාහි ලාභය රුපියල් මිලියන 5,761 කි. දහතුන් වැනි ස්ථානයේ පසුවන එල්බී ෆිනෑන්ස් සමාගම හිමි කරගෙන ඇති ලාභය රුපියල් මිලියන 5,211 කි.

දහහතර වැනි ස්ථානයේ පසුවන නැෂනල් ඩිවලොප්මන්ට් බැංකුවේ ලාභය රුපියල් මිලියන 4,885 කි. පහළොස් වැනි ස්ථානයේ පසුවන මෙල්ස්ටාකෝර්ප් සමාගමේ ලාභය රුපියල් මිලියන 4,425 කි. ඕවර්සීස් රියැලිටි (සිලෝන්) සමාගමේ ලාභය රුපියල් මිලියන 4,336 කි.

මෙම ලැයිස්තුවෙහි 17 වැනි ස්ථානයේ සිට 18 වැනි ස්ථානය දක්වා ඇතුළත් සෙන්ට්‍රල් ෆිනෑන්ස්, සෙලාන් බැංකුව සහ එල්ඕඑල්සී ෆිනෑන්ස් යන සමාගම් හිමි කරගෙන ඇති ලාභය පිළිවෙලින් රුපියල් මිලියන 4,109ක්, 3,798ක් සහ 3,780ක් ලෙස සටහන්ව ඇත.

20 වැනි ස්ථානයේ පසුවන නේෂන්ස් ට්‍රස්ට් බැංකුව 2019/20 වර්ෂයේදී හිමි කරගෙන ඇති ලාභය රුපියල් මිලියන 3,714 කි.

Visits: 521