ස්විස්ටෙක් (සිලෝන්) කොටසකට රුපියල් 4.10 ක ලාභාංශ ගෙවීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශයේ සමාගමක් වන ස්විස්ටෙක් (සිලෝන්) පීඑල්සී (PARQ.N) සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලබන මාර්තු 17 වැනිදා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම විසින් දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 4.10 ක ලාභාංශ ගෙවන බව සමාගම නිවේදනය කර සිටියි. මෙහිදී 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය වෙනුවෙන් මෙම ලාභාංශ ගෙවීම සිදු කරයි.

මෙහිදී ලාභාංශ රහිත දිනය ලබන පෙබරවාරි 23 වැනිදා ලෙස පවතින බවත්, මෙය දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම වන බවත් ස්විස්ටෙක් (සිලෝන්) පීඑල්සී සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

සුප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට අයත් වැලිබල් වන් පීඑල්සී සමූහයට අයත් සමාගමක් වන ස්විස්ටෙක් (සිලෝන්) පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම පසුගිය සිකුරාදා දිනයේදී රුපියල් 132.25ක් ලෙස සටහන්ව තිබුණි. එය ඊට පෙර දිනයේදී කොටසක වටිනාකම වූ රුපියල් 118.75ට සාපේක්ෂව රුපියල් 13.50ක් එනම් 11.37%ක ඉහළ යාමකි.

Visits: 331