“වරාය සංවර්ධනයේ ඉදිරි දැක්ම : විකිණීමක් ද, ආයෝජනයක් ද?” 12 වැනිදා සවස 6.00ට

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සහ වරාය සංවර්ධනය පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් Advocata ආයතනය මගින් “වරාය සංවර්ධනයේ ඉදිරි දැක්ම: විකිණීමක් ද, ආයෝජනයක් ද?” යන මැයෙන් සංවිධානය කරනු ලබන සංවාදය පෙබරවාරි 12 වැනිදා සවස 6.00ට පැවැත්වීමට නියමිතව ඇත.

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ලැවෙන්ඩර් රූම් හිදී පැවැත්වෙන මෙම සංවාදය සඳහා සීමිත පිරිසක් සඳහා ආරාධනා කෙරී ඇත. එසේම මෙම සංවාදය අන්තර්ජාල Zoom තාක්ෂණය හරහාද සජීවීව විකාශය කෙරේ.

මෙම සංවාදය සඳහා ආචාර්ය නාලක ගොඩහේවා (නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපජල කළමනාකරන සහ ප්‍රජා පවිත්‍රතා රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා), රොහාන් මාසකෝරාළ (ප්‍රධාන විධායක නිලධාරී, නැව්කරුවන්ගේ ඇකඩමිය, කොළඹ), අසංග අබේගුණසේකර (භූ දේශපාලනය හා ජාත්‍යන්තර ආරක්ෂාකව පිළිබඳ උපදේශක) යන මහත්වරුන් එක්වෙයි.

ධනනාත් ප්‍රනාන්දු සහ සත්‍යා කරුණාරත්න, විසින් මෙම සංවාදය මෙහෙයවනු ලබයි. මේ සඳහා ලියාපදිංචිය https://forms.gle/BS7PsgpMqvbKRKat7 ඔස්සේ සිදු කළ හැකිය.

Visits: 33