ජාතික සහ බෞද්ධ කොඩි අවශතාව දේශීයව සැපයීමට යයි

මෙරට ජාතික සහ බෞද්ධ කොඩි අවශ්‍යතාව දේශීයව නිෂ්පාදනයට තම අමාත්‍යාංශය සූදානම් බවට බතික්, අත්යන්ත්‍ර සහ දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහතික වූ බව ජනපති කාර්යාලය පවසයි.

බතික් නිර්මාණයක් ලෙස කළ ජාතික ධජ ඊයේ (30) පස්වරුවේ ජනපති නිවසේ දී ජනාධිපතිතුමා වෙත පිළිගන්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

ජාතික සහ බෞද්ධ කොඩි ආනයනය සඳහා වාර්ෂිකව විශාල විදේශ විනිමයක් වැය කෙරේ. ලබන වසරේ සිට අවශ්‍ය කොඩි ප්‍රමාණය ඉහළ ප්‍රමිතියකින් මෙරටදීම නිෂ්පාදනයට බතික් සහ අත්යන්ත්‍ර ක්ෂේත්‍රයේ නිරත නිෂ්පාදකයන් සූදානම් බව දයාසිරි ජයසේකර මහතා මෙහිදී කියා තිබේ.

Visits: 74