ශ්‍රී ලංකාවේ SME සහ අධ්‍යාපන අංශ සඳහා ADB වෙතින් ඩො.මිලියන 465ක ණය

කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට එල්ල වී ඇති අයහපත් බලපෑම් වෙත පිළියම් යෙදීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් ඩොලර් මිලියන 100ක හදිසි ප්‍රතිචාර සංරචකයක්ද ඇතුළුව ඇමෙරිකානු ඩොලර් මිලියන 165ක ණය මුදලක් ලබා දීමට එකඟතාව පළ කර ඇතැයි රජය පවසයි.

කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය ණය මාලා ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුව වෙතින් අතිරේක මූල්‍ය ආධාර ලබාගැනීම සඳහා මුදල් අමාත්‍යවරයා වශයෙන් අගමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවීමත් සමගින්ම මෙම මුදල සඳහා එකඟතාව හිමිව තිබේ.

එසේම එම ණය මුදලට අතිරේකව දරිද්‍රතාවය අවම කිරීම සඳහා වන ජපන් අරමුදල යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1.25ක ප්‍රදානයක් ලබා දීමට ද එකඟ වී ඇතැයි රජය පවසයි.

මීට අමතරව ද්විතියික අධ්‍යාපන ආංශික වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක අයවැය සහන ණය මුදලක් ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිඵල පාදක ණය දීමේ මූල්‍ය ක්‍රමවේදය යටතේ ලබා දීමට ද එකඟතාව පළ කර ඇතැයි රජය වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 34