සතොස අලුත් වෙයි

රජය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික භාණ්ඩ වෙළෙඳ සැල් අලෙවි ජාලයක් වන ලංකා සතොස ලිමිටඩ් සමාගම සඳහා නව ජ්‍යෙෂ්ට නායකත්ව පත්වීම් රැසක් ප්‍රකාශයට පත් කළ බව පවසයි.

ඒ අනුව 2020 සැප්තැම්බර් 21 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සතොස සඳහා නව ප්‍රධාන විධායක නිලධාරියෙකු, ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරයෙකු (ප්‍රසම්පාදන), නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකු (මූල්‍ය), ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරීවරයෙකු, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකු (තොරතුරු තාක්ෂණ), ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරයෙකු (ඉංජිනේරු), ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරයෙකු (මානව සම්පත් හා පරිපාලන), නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකු (ප්‍රසම්පාදන), ප්‍රධාන නීති නිළධාරිණීයක/ අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරියක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකු (මෙහෙයුම්), නියෝජ්‍ය සාමාන්‍යාධිකාරවරයෙකු (මානව සම්පත් හා පරිපාලන), නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකු (අලෙවි), නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකු (අභ්‍යන්තර විගණන) සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකු (ඉංජිනේරු)  ලෙස මෙම පත් වීම් සිදු කර තිබේ.

වත්මන් ගෝලීය සෞඛ්‍ය හා මූල්‍ය අර්බුධය හමුවේ ජනතාවට ඉහළ සේවාවක් ලබා දීමේ ප්‍රයත්නය වෙනුවෙන් එහි අඛණ්ඩ පරිවර්තනයට නායකත්වය දීම සඳහා මෙම පත් කිරීම් සිදු කර ඇතැයි පැවසෙයි. ලංකා සතොස සමාගමේ වත්මන් සභාපති ආචාර්ය නුෂාඩ් එම්. පෙරේරා මහතාගේ සහායට මෙම නව පත් කිරීම් සිදුව තිබේ.

අසුන් ගෙන (වමේ සිට) – ලක්ෂමන් කුමාර (ජ්‍යෙෂ්ඨ කළමනාකාර – ප්‍රසම්පාදන), මේජර් අනුර පණ්ඩිතගේ (විශ්‍රාමික) (ප්‍රධාන විධායක නිළධාරී), ආචාර්ය නුෂාඞ් එම්. පෙරේරා (සභාපති), සුසිරි පෙරේරා (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී -මූල්‍ය), ඩිලන්ත පෙරේරා (ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරී) යන මහත්වරුන් සිටගෙන (වමේ සිට) – සුමති හේවාවිතාරණ (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී -තොරතුරු තාක්ෂණ), චමිල සුරේෂ් බොතේජු (ජ්‍යෙෂ්ඨ කළමනාකාර -ඉංජිනේරු), සිසිර ගුණවර්ධන (ජ්‍යෙෂ්ඨ කළමනාකාර -මානව සම්පත් හා පරිපාලන), කමාන්ඩර් තුෂාර පෙරේරා (විශ්‍රාමික) (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී -ප්‍රසම්පාදන), අමිතා ජයතුංග (ප්‍රධාන නීති නිළධාරිණී/ අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්), ජනක් සංජීව බදුගම (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්), වින්ග් කමාන්ඩර් පී.ඩබ්. ප්‍රිමාල් (විශ්‍රාමික) (නියෝජ්‍ය සාමාන්‍යාධිකාර -මානව සම්පත් හා පරිපාලන), මෙවන් ආදිහෙට්ටි (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී -අලෙවි), බී.ටී.කේ. නිශ්ශංක (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – අභ්‍යන්තර විගණන), ඉංජිනේරු ප්‍රියන්ත ගොඩගම (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී -ඉංජිනේරු) යන මහත්ම මහත්මීන්
ඡායාරූපයේ නොමැති – ඩබ්.ආර්.ඒ.කේ. රණසිංහ (වැඩබලන ජ්‍යෙෂ්ඨ කළමනාකාර- මෙහෙයුම්), අයිෂා නව්ෆල් (වැඩබලන ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරී) සහ අනුෂ්ක බස්තියන් (සහකාර කළමනාකාර- තොරතුරු තාක්ෂණ ) යන මහත්වරුන්

මෙහිදී ලංකා සතොස සමාගමේ නව ප්‍රධාන  විධායක නිලධාරියා ලෙස පත් කෙරී ඇති මේජර් අනුර පණ්ඩිතගේ (විශ්‍රාමික) මහතා, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 20ක් සේවය කර විශ්‍රාම ගැනීමෙන් අනතුරුව පෞද්ගලික අංශයේ ව්‍යාපාර කිහිපයක මානව සම්පත් හා පරිපාලන කළමනාකරණ අංශයන්හි ප්‍රධානියකු ලෙස කටයුතු කර ඇත. යුධ හමුදා හා ආරක්ෂක කළමනාකරණ මාණ්ඩලික විද්‍යාලයේ උපාධිධරයකු වන ඔහු ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනවේදී උපාධියද හිමි කරගෙන ඇත. එසේම වරලත් පිරිස් කළමනාකරණ ආයතනයේ (CIPM) වරලත් සාමාජිකයකුද වන ඔහු එම ආයතනයේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාධාරියකුද වන බව පැවසෙයි.

මෙම නව පත්වීම් පිළිබඳ අදහස් දැක්වූ ලංකා සතොස ලිමිටඩ්හි සභාපති ආචාර්ය නුෂාඞ් එම්. පෙරේරා මහතා, “වත්මන් ගෝලීය සෞඛ්‍ය හා මූල්‍ය අර්බුධය තුළ පාරිභෝගිකයන්ට, කුඩා ව්‍යාපාරිකයන්ට, දේශීය නිෂ්පාදයන්ට මෙන්ම ගොවීන්ට අපගේ සහයෝගය ලබා දීමට අඛණ්ඩව කැපවෙමින් සිටිනවා. මේ ආකාරයේ පළපුරුදු නිළධාරීන් පත් කිරීම තුළින් අපගේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කණ්ඩායම තවදුරටත් ශක්තිමත් කරමින් පරිවර්තනීය අලෙවි අවකාශයක් හරහා අපගේ ගනුදෙනුකරුවන්ට සහ අනෙකුල් සියලු දෙනාට වැඩි සේවාවක් ලබා දීමට හැකිවනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා” යනුවෙන් සඳහන් කර සිටියි.

සතොස අලෙවි ජාලයේ මානව සම්පත් හා පරිපාලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස වින්ග් කමාන්ඩර් ප්‍රිමාල් පරගහවත්ත (විශ්‍රාමික) මහතා පත් කර ඇත.ගුවන් හමුදාවේ පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස 21 වසරක කාලයක් සේවය කොට ඇති අතර එහිදී මානව සම්පත් හා පරිපාලන, ආරක්ෂක, විමර්ශන හා උත්සව යන අංශයන්හි ප්‍රධාන තනතුරු හොබවා තිබේ.

එසේම සිවිල් ඉංජිනේරුවකු ලෙස වසර 17කට වැඩි අත්දැකීම් සහිත ප්‍රියන්ත ගොඩගම මහතා ඉංජිනේරු අංශ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස ලංකා සතොස ඉංජිනේරු අංශයට නායකත්වය දෙනු ඇත. මීට පෙර ඔහු නාගරික සංවර්ධන අධිකාරියේ පුනර්ජනනීය ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ලෙසද, පුද්ගලික අංශයේ ඉංජිනේරු සමාගමක සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂවරයෙක් ලෙසද කටයුතු කර ඇත.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ 25 වසරකට වැඩි පළපුරුද්දක් සහිත සුමති හේවාවිතාරණ මහතා පත්කර ඇත්තේ සතොස තොරතුරු තාක්ෂණ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ලෙසයි. WCS Lanka පුද්ගලික සමාගමේ ක්‍රියාකාරී උපදේශකයකු ලෙස කටයුතු කර ඇති ඔහු නේස්ලේ ලංකා සමාගමේ උපදේශක, කළමනාකාර සහ ව්‍යාපාර විශ්ලේෂක යන තනතුරුද හොබවා ඇති අතර මැලිබන් බිස්කට් නිෂ්පාදන පුද්. සමාගමේ තොරතුරු තාක්ෂණ කළමනාකරු ලෙසද කටයුතු කර ඇත.

අභ්‍යන්තර විගණන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස පත්කොට ඇති බී. තුසිත කුමාර නිශ්ශංක මහතා පුද්ගලික අංශයේ ආයතනික මූල්‍ය පිළිබඳ වසර 17කට වැඩි අත්දැකීම් සහිත වරලත් ගණකාධිකාරීවරයෙකි.

දිවයින පුරා අලෙවිසැල් 420ක් සතු ලංකා සතොස ලිමිටඩ් යටතේ 4500කට වැඩි සේවක පිරිසක් සේවයේ යෙදී සිටියි.

2005 වසරේදී ලංකා සතොස නමින් පරිභෝගිකයන් වෙනුවෙන් ආහාර සුරක්ෂිත කිරීමේ අරමුණින් ආරම්භ වූ එහි නව දැක්ම මඟින් ජාතියේ මිල නියම කරන්නා ලෙස අඩු හා පහළ මධ්‍යම ආදායම් සහිත පවුල් පිළිබඳ අවබෝධය වඩා හොඳින් පිළිබිඹු වන බවත්, විශ්වසනීය නායකත්ව කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලබන ලංකා සතොස ශ්‍රී ලංකාවේ ආහාර කර්මාන්තයේ තිරසාර සංවර්ධනයට නායකත්වය සපයනු ඇති බවත් පවසයි..

Visits: 143