නව මහා භාරකාරවරයා රාජකාරියේ වැඩ අරඹයි

නව මහා භාරකාරවරයා ලෙස පත්වීම් ලද නීතීඥ ගනේෂ් ධර්මවර්ධන මහතා අද ඊයේ (සැප්තැම්බර් 15) දින කොළඹ 07, බුලර්ස් පටුමගේ පිහිටි මහා භාරකාර දෙපාර්තමේන්තුවේදී සිය ධූරයේ වැඩ ආරම්භ කළේය.

නීතිඥවරයෙකු ලෙස වසර 25 ක පළපුරුද්දක් ඇති ගනේශ් ආර්.ධර්මවර්ධන මහතා ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහා භාරකාර ලෙස මෙන්ම ශ්‍රී ලංකාවේ මහාභාරකාර තැනගේ නීති උපදේශක ලෙස කටයුතු කර ඇත.

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා  විසින් පසුගියදා අධිකරණ අමතාංශයේදී මෙම නව ධුරය සඳහා වන පත්වීමේ ලිපිය ප්‍රදානය කෙරිණි.

ගනේෂ්  ධර්මවර්ධන මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අතිරේක ලේකම් (නීති) වශයෙන් ද කටයුතු කරයි. එසේම අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද ඒ මහතා මහතා කටයුතු කර තිබේ.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරුන් වන චමින්ද කුලරත්න හා හර්ෂ විජේවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Visits: 62