සිංගප්පූරුවේ ගැසෙල් සමාගම ඩො.මිලියන 40කට ගාර්ඩියන් කැපිටල් පාට්නර්ස් මිලදී ගැනීමට යයි

සුප්‍රසිද්ධ ලයන් බියර් සන්නාමය හිමි කාර්සන්ස් කුම්බර්බැච් සමූහයේ ආයෝජන සමාගම වන ගාර්ඩියන් කැපිටල් පාට්නර්ස් පීඑල්සී සමාගම මිලදී ගැනීමට සිංගප්පූරුවේ ලියාපදිංචි ගැසෙල් ඇසෙට් මැනේජ්ම්නට් (පෞද්) සමාගම (Gazzelle Assest Management (Pte) Ltd) කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වෙයි.

එහිදී ගාර්ඩියන් කැපිටල් පාට්නර්ස් පීඑල්සී සමාගමේ මව් සමාගම වන සිලෝන් ගාර්ඩියන් ඉන්වෙස්ට්මන්ට් ට්‍රස්ට් පීඑල්සී සමාගම සතු එම සමාගමේ සමස්ත කොටස් අතරින් සාමාන්‍ය කොටස් 21,692,800ක් එනම් 83.97%ක කොටස් ප්‍රතිශතයක් මිලදී ගැනීමට ගැසෙල් ඇසෙට් මැනේජ්මන්ට් (පෞද්) සමාගම එකඟතා පළ කර ඇත.

මෙම එකඟතාවට අනුව සිංගප්පූරුවේ ගැසෙල් සමාගම විසින් ගාර්ඩියන් කැපිටල් සමාගමේ දළ වත්කම් වටිනාකමට අනුව රුපියල් මිලියන 40ක මුදලකට අදාළ මිලදී ගැනීම සිදු කිරීමට නියමිතව ඇත.

මේ අතර ගැසෙල් සමාගම සිංගප්පූරුවේ ලියාංපදිංචි සමාගමක් බවත්, එය කාර්සන් කුම්බර්බැච් සමූහය සමගින් හෝ බුකිට් ඩරාහ් පීඑල්සී සමගින් හෝ කිසිදු සබඳතාවක් නොමැති බවත් මෙම ගනුදෙනුව පිළිබඳවද දැනුවත් කරන කාර්සන්ස් මැනේජ්මන්ට් සර්විසස් පෞද්ගලික සමාගම සඳහන් කරයි.

මීට පෙර වටපොල ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් ලෙස හැඳින්වූ සමාගමේ 83.97%ක කොටස් ප්‍රතිශතයක් සිලෝන් ගාර්ඩියන් ඉන්වෙස්ට්මන්ට් ට්‍රස්ට් පීඑල්සී සමාගම විසින් මිලදී ගැනීමත් සමගින්ම ගාර්ඩියන් කැපිටල් පාට්නර්ස් පීඑල්සී සමාගම බිහි විය.

Visits: 424