මහ බැංකුව සහ ස්වාධීන රූපවාහිනිය එක්ව ‘තක්ෂිලාව’ ගෙන එයි

ශ්‍රී ලංකා මහ බැංකුව, ස්වාධීන රූපවාහිනි සේවය හා එක්ව 2020 අ.පො.ස. උසස් පෙළ ආර්ථික විද්‍යාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ‘තක්ෂිලාව’ නමින් නවමු අධ්‍යාපනික වැඩසටහනක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයි පවසයි.

මහ බැංකුවේ කාර්ය භාරය මැයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන හෙට සැප්තැම්බර් 16 බදාදා උදෑසන 4.30ට ස්වාධීන රූපවාහිනි සේව හරහා විකාශය කෙරේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු විදු පියස මේ සඳහා සිය දායකත්වය ලබා දෙයි.

වැඩසටහන සඳහා සම්පත් දායකත්වය මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ට අර්ථශාස්ත්‍රඥ ලසන්තා විජේරත්න මහත්මිය විසින් ලබා දෙන අතර, වැඩසටහන මෙහෙයවීම එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ට අර්ථශාස්ත්‍රඥ නුවන් ගමගේ මහතා විසින් සිදු කරනු ලබයි.

Visits: 41