පාලිත කොහොන චීනයේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස නම් කෙරේ

හිටපු විදේශ අමාත්‍යාංශ ලේකම්වරයෙකු මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතා චීනයේ නව තානාපතිවරයා ලෙස නම් කෙරී ඇතැයි වාර්තා වෙයි.

මේ වන විට විදේශ අමාත්‍යංශය විසින් ආචාර්ය පාලිත කොහොන මහතාගේ නම් කිරීම පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කමිටුව වෙත යොමු කර ඇතැයි සඳහන් වෙයි.

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙකු වන ඒ මහතා ලංකා විශ්වවිද්‍යාලයෙන් එල්.එල්.බී (ගෞරව) උපාධිය හිමි කරගෙන ඇත. එසේම ඔස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයෙන් ඒ මහතා නීතිය පිළිබඳ පශ්චාත් උපාධිය හිමි කරගෙන තිබේ. ඒ මහතාට ඔස්ට්‍රේලියානු සහ ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය හිමිය.

2006 වසරේ සිට 2006 වසර දක්වා ඒ මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේය. එසේම ඒ මහතා 2009 සිට 2015 දක්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස කටයුතු කළේය. එසේම ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී සහ නොර්වේහි ඔස්ලෝ නුවරදී පැවැත්වුණු එල්ටීටීඊ සංවිධානය සහ සාකච්ඡාවලදී ශ්‍රී ලංකා රජයේ නියෝජිත කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස මෙන්ම ජනාධිපති උපදේශකවරයෙකු ලෙසද කටයුතු කළේය.

Visits: 25