HNB පිළියන්දල පාරිභෝගික මධ්‍යස්ථානය නව නිවහනකට

හැටන් නැෂනල් බැංකුව සිය පිළියන්දල පාරිභෝගික මධ්‍යස්ථානය අංක 92/A, මොරටුව පාර, පිළියන්දල යන ලිපිනයෙහි වඩාත් ඉඩ පහසුකම් සපිරි නව ගොඩනැගිල්ලකට පසුගියදා ගෙන ගිය බව පවසයි. පිළියන්දල නගරයේ වැඩි වන ව්‍යාපාරික ප‍්‍රජාවට වඩාත් ප‍්‍රශස්ත බැංකු සේවා සැපයීම අරමුණු කර ගනිමින් මෙම නව පිවිසීම සිදුව තිබේ.

සතියේ සෑම දිනකම පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා ව්‍යාපාර සඳහා විවෘතව පවතින බැංකුවේ ඉඩ පහසුකම් සපිරි නව පරිශ‍්‍රය සියලූම ආකාරයේ බැංකු පහසුකම්වලින් සමන්විත වන අතර HNB හි ප‍්‍රමුඛතම බැංකු උපදේශන සේවාවක් වන Priority Circle Unit (ප‍්‍රමුඛතා බැංකු ඒකකය) එකකින් ද නව පාරිභෝගික මධ්‍යස්ථානය සමන්විත වන බවත් බැංකුව පවසයි.  

නව පාරිභෝගික මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට HNB හි විධායක අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී දිල්ෂාන් රොද්‍රිගෝ මහතා, කැස්බෑව ප‍්‍රාදේශීය ලේකම් කේ. පී. පේමදාස මහතා හා HNB හි ජාල කළමනාකරණය පිළිබඳ සහකාර සාමාන්‍යාධිකාරී විනෝද් ප‍්‍රනාන්දු මහතා ඇතුළු බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී තිබේ.  

Visits: 23