Hemas ට්‍රැවල්ස් Acorn ට්‍රැවල්ස් ලෙස නව ගමනක් අරඹයි

හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමට අයත්ව තිබූ හේමාස් ට්‍රැවල්ස් සමාගම Acorn ට්‍රැවල්ස් ලෙස සන්නාම වෙනසකට ලක් කිරීම පසුගියදා සිදු විය. 2020 මාර්තු මාසයේදී Acorn සමූහ ව්‍යාපාරය මගින් හේමාස් ට්‍රැවල්ස් හි බාහිර සංචරණ අතරින් 80%ක්, ගමනාන්ත කළමනාකරණය සහ ගුවන් සේවා (එම්රේට්ස් ජීඑස්ඒ) හැර) යනාදිය මිලදී ගැනීමෙන් අනතුරුව මෙම සන්නාම වෙනස් වීම සිදුව තිබේ.

ඒ අනුව කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක්ද සමගින් ඉදිරියේදී හේමාස් ට්‍රැවල්ස් ආයතනය Acorn ට්‍රැවල්ස් ලෙස පවත්වාගෙන යන බව එහි සමූහ ප්‍රධාන විධායක නිලධාරී මාලිංග අර්සකුලරත්න මහතා පවසයි. ඒ අනුව “මේ කර්මාන්තය ඊළග තලය වෙත රැගෙන යාමට හැකි සංචරණය සහ ගුවන් සේවා වෘත්තිකයන් රැසකගෙන් Acorn සමූහය ගොඩනැගී තිබෙනවා.” යනුවෙන්ද ඒ මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන Acorn ට්‍රැවල්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ හුසේන් හබීබ් මහතා, “හේමාස් ට්‍රැවල්ස් සමාගම මෙම කර්මාන්තයේ ප්‍රවීණයෙකු ලෙස වසර 40කට අධික කාලයක් පුරා සංචරණ අත්දැකීම් සහිත සමාගමක්. ව්‍යාපාරික සහ නිවාඩු සඳහා සංචරණයේ යෙදෙන සංචාරකයන් අප සමාගම පිළිබඳව පරම්පරා ගණනාවක් පුරා විශ්වාසය තැබුවා. ඉදිරියටත් Acorn ට්‍රැවල්ස් හරහා එම සුවිශේෂී ගුණාත්මක සේවාව පාරිභෝගිකයන් වෙත ලබා දීමට අවට අවශ්‍යයි.” යනුවෙන් පවසා සිටියි.

මෙම නව අත්පත් කරගැනීමෙන් අනතුරුවත් Acorn ට්‍රැවල්ස් සිය මූලික සේවාවන් වන ගුවන් යානා ටිකට් වෙන් කිරීම, සමාගම් සහ විවේක සංචරණ, හෝටල් කාමර සහ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලිං සේවාවන්, MICE සංචරණයන්, කණ්ඩායම් සංචාර, වීසා කටයුතු, සුඛෝපභෝගී නෞකා සංචාර, දුම්රිය සංචාර ඇතුළුව බොහෝ සංචාරක සේවා එලෙසින්ම ක්‍රියාත්මක වන බවත් පවසයි.

Visits: 94