HNB හා Brown එක්ව කෘෂිකාර්මික උපකරණ සඳහා විශේෂ ලීසිං දීමනා

හැටන් නැෂනල් බැංකුව (HNB), සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත‍්‍රයේ භාවිතයට ගන්නා කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සඳහා ගනුදෙනුකරුවන්ට ආකර්ෂණීය ප‍්‍රතිලාභ සමඟින් දැරිය හැකි මිලකට විශේෂ ලීසිං පැකේජ ලබා දීමට බ‍්‍රවුන් සහ සමාගම (Brown & Company PLC) සමඟ අත්වැල් බැඳ ගෙන ඇතැයි පවසයි.

මෙම හවුල්කාරීත්වය මඟින් ගනුදෙනුකරුවන්ට බ‍්‍රවුන්ස් TAFE සහ Massey Ferguson ට‍්‍රැක්ටර්, යන්මාර් World සහ Sumo හාවෙස්ටර් යන්ත‍්‍ර සඳහා විශේෂ වට්ටම් සහ පහසුකම් ලබා දෙනු ඇත. මෙම හවුල්කාරීත්ව ගිවිසුම සඳහා HNB හි පුද්ගලික මූල්‍ය සේවා ප‍්‍රධානී, කාංචන කරුණාගම සහ බ‍්‍රවුන්ස් ඇග‍්‍රිකල්චර් හි සාමාන්‍යාධිකාරී, සංජය නිශ්ශංක යන මහත්වරු අත්සන් තබා තිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති HNB හි පුද්ගලික මූල්‍ය සේවා ප‍්‍රධානී, කාංචන කරුණාගම මහතා, &‘‘බ‍්‍රවුන්ස් සමාගම සමඟ ඇති කරගත් මෙම හවුල්කාරීත්වය තුළින් අපගේ විශ්වාසදායක ගනුදෙනුකරුවන්ට දැරිය හැකි මිල ගණන්, පොළී අනුපාත හා සේවාවන් ලබා දීමට අප බලාපොරොත්තු වෙනවා,’’ යනුවෙන් පවසා සිටියි.

මෙම හවුල්කාරීත්වය මඟින් Massey Ferguson සහ බ‍්‍රවුන්ස් TAFE සන්නාමගත කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සඳහා විශේෂ ලීසිං පහසුකම් HNB ලීසිං ගනුදෙනුකාරභවතුන්ට ලබා දෙනු ඇත. එමෙන්ම, ගනුදෙනුකාරභවතුන්ට මෝටර් රථ නිෂ්පාදන, සර්විස් කිරීමේ සේවා, අමතර කොටස්, ටයර් සහ බැටරි සඳහා විශේෂ වට්ටම් ලබා ගත හැකි HNB Prestige Prime බැංකුව ලබා දෙනු ඇති අතර මෙම ණයපත පළමු වසරේ වාර්ෂික ගාස්තුවෙන් නිදහස් කර ඇත.

මෙහිදී අදහස් දක්වන ‘‘වසර බ‍්‍රවුන්ස් කෘෂි අංශයේ සාමාන්‍යාධිකාරී, සංජය නිශ්ශංක මහතා, &අප HNB සමඟ ඇති කර ගත් මෙම හවුල්කාරීත්වය තුළින් දැරිය හැකි ලීසිං විසඳුම් සහ වෙනත් ප‍්‍රතිලාභ රැසක් ලබා දෙමින් අපගේ ගනුදෙනුකරුවන්ට වඩා හොඳ සේවාවක් ලබා දීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි අප දැඩි ලෙස විශ්වාස කරනවා,’’ යනුවෙන් පවසයි.

මෙම ප‍්‍රවර්ධන කාලය තුළ බ‍්‍රවුන්ස් සමාගම සියලූම ට‍්‍රැක්ටර් මාදිලි සඳහා පාරිභෝගිකයින් වෙතටම ගොස් නොමිලේ ලියාපදිංචි කිරීමේ හා රක්ෂණ සේවාවන් ට අමතරව Massey Ferguson ට‍්‍රැක්ටර් සඳහා මාස 12ක් හෝ පැය 1000ක වගකීමක් සහ බ‍්‍රවුන්ස් TAFE ට‍්‍රැක්ටර් සඳහා වසර 2ක් හෝ පැය 2000ක වගකීමක් ද ලබා දෙන බවත් සඳහන් වෙයි.

Visits: 57