බැංකු සහ විශාල ප්‍රාග්ධනීකරණයක් සහිත සමාගම්වල හැසිරීමත් සමග වෙළෙඳ පොළ පසු බසී

අද දිනයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ සිදු වුණු ගනුදෙනු අතරතුරදී බැංකු අංශයේ ලැයිස්තුගත සමාගම් මෙන්ම විශාල ප්‍රාග්ධනීකරණයක් සහිත සමාගම් හි කොටස් අලෙවි කිරීම සම්බන්ධයෙන් ඇති වූ පීඩනයත් සමගින්ම වෙළෙඳ පොළ දර්ශක දෙකම යම් කඩා වැටීමක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.  

ඒ අනුව ඊයේ (සැප්තැම්බර් 03) දිනයට සාපේක්ෂව අද දිනය අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය (ASPI) මෙන්ම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (S&P SL20) දර්ශකයත් තවදුරටත් ඍණ අගයක් ගෙන තිබුණි.  

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,301.42 ත් ඒකක 5,356.39 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,311.42ක් බවට පත්විය. ඒ අනුව ඊයේ (සැප්තැම්බර් 03 දාට) සාපේක්ෂව එය ඒකක 39.43 ක් එනම් -0.74%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡා හරහා පැමිණි එකඟතාවකට අනුව කොමර්ෂල් බැංකුව සහ මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සිදු කළ ගනුදෙනු සමස්ත පිරිවැටුමෙන් 7%ක් සඳහා දායකත්වයක් ලබා දී ඇත.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 69ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 84ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී AAIC (+1.21), එක්ස්පෝ ලංකා පීඑල්සී EXPO (+0.90), බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි පීඑල්සී BRWN (+0.88), ආර්.අයි.එල්. ප්‍රොපර්ටි පීඑල්සී RIL (+0.66), ඔඩෙල් පීඑල්සී ODEL (+0.50), කාර්සන් කුම්බර්බැච් පීඑල්සී CARS (-7.09), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (-4.18), ලයන් බෘවරි සිලෝන් පීඑල්සී LION (-3.70), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-3.64)  සහ එල්ඕඑල්සී පීඑල්සී  LOLC (-3.61) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,321.57 ක අගයක් ගත් අතර, එය ඊයේ (සැප්තැම්බර් 03) දිනයට සාපේක්ෂව ඒකක 22.24 ක එනම් -0.95%ක පහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.02ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ දිනයේ වාර්තා කළ රුපියල් බිලියන 1.12 ට සාපේක්ෂව 8%ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.30 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 19.04%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 91.25ක් ලෙස සටහන් විය. එසේම  සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 297.22ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 205.97කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 32.98ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හේකාර්බ් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 6.1කි. එසේම හැටන් නැෂනල් බැංකුව විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 53.95ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 288ක් සඳහා බැංකු අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 28% ක අගයක් ගෙන තිබේ. එසේම ආහාර, පාන වර්ග හා දුම්කොළ සහ ප්‍රාග්ධන භාණ්ඩ එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 207ක සහ රුපියල් මිලියන 164ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 328