EDB නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස චිත්‍රාංජලී දිසානායක පත්වෙයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස චිත්‍රාංජලී දිසානායක මෙනෙවිය පත්වීම් ලැබ ඇතැයි එම මණ්ඩලය පවසයි.

1986 වසරේදී පර්යේෂණ සහකාරවරියක ලෙස අපනයන සංවර්ධන මණ්ඩලයට සම්බන්ධ වී ඇති ඇය, ප්‍රතිපත්ති හා සැලසුම් ආලෙවිකරණය, නිෂ්පාදන කලමනාකරණය සහ කාර්මික නිෂ්පාදන සහ සේවා යන අංශවල වසර 34ක පළපුරුද්දක් ලබා ඇතැයි සඳහන් වෙයි.

ඇය මෙලෙස අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්වීමට පෙරාතුව එහි වැඩබලන අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන) හා කාර්මික නිෂ්පාදන අංශයේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කර තිබේ.

චිත්‍රාංජලී දිසානායක මෙනෙවිය, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියක් සහ ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳව පශ්චාත් උපාධියක්ද හිමි කරගෙන ඇත.

පසුගිය 2016 වසරේ සිට අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ ජීවනී සිරිවර්ධන මහත්මිය එම ධුරයෙන් විශ්‍රාම යාමත් සමගින්ම මෙම නව පත් කිරීම සිදුව තිබේ.

Views: 86