සන්ෂයින් හෝල්ඩිංග්ස් සමාගම ‘ඩේන්ටී’ සමාගම අත්පත් කරගනී

මෙරට ප්‍රමුඛ පෙළේ ටොෆි සහ රසකැවිලි  වර්ග නිෂ්පාදන සමාගමක් වන ඩේන්ටී (Daintee) සමාගම මිලදී ගැනීමට සන්ෂයින් හෝල්ඩිංග්ස් (Sunshine Holdings) සමාගම පසුගියදා කටයුතු යොදා තිබේ. මෙහිදී රුපියල් බිලියන 1.7ක  මුදලකට මෙම අත්පත් කරගැනීම සිදුව තිබේ.

සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සඳහන් කරන ආකාරයට සිය පූර්ණ හිමිකම සහිත පරිපාලිත සමාගමක් වන සීමාසහිත එස්ටේට් මැනේජ්මන්ට් සර්විසස් පෞද්ගලික සමාගම යටතේ පූර්ණ හිමිකම සහිත සමාගමක් වන සීමාසහිත වටවල ටී සිලෝන් සමාගම මගින් මෙලෙස සීමාසහිත ඩේන්ටී සමාගමේ වර්තමාන කොටස් හිමිකරුවන් සමගින් කොටස් අලෙවිය සහ මිලදී ගැනීමේ එකඟතාවට පිවිස තිබේ.

2020 අගෝස්තු 06 වැනිදා සිදු වුණු මෙම ගනුදෙනුව හරහා ඩේන්ටී සමාගමේ 100෴ක කොටස් ප්‍රමාණයක් අත්පත් කරගැනීමට සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී කටයුතු යොදා ඇත. එහිදී සාමාන්‍ය කොටස් මිලියන 10ක ප්‍රමාණයක් මිලදී ගෙන ඇති අතර, එහි සමස්ත වටිනාකම ශ්‍රී ලංකා රුපියල් බිලියන 1.7කි.

බ්‍රිතාන්‍යයේ බාකර් සහ ඩොබ්සන් නම් සුප්‍රසිද්ධ රසකැවිලි නිෂ්පාදන සමාගම මගින් 1984 වසරේදී ඩේන්ටී සමාගම මෙරට තුළ පිහිටුවා ඇත. ඩේන්ටී සමාගමේ කර්මාන්තශාලා තුනක් මේ වනවිට රත්මලානේ පිහිටා ඇත. සුප්‍රසිද්ධ %මයිලේඩි^ ටොෆී සන්නාමය සහ ඇතුළු තවත් සන්නාම රැසක්ම මෙම ඩේන්ටී සමාගම වෙත අයත් වෙයි.

ටොෆී නිෂ්පාදනයට අමතරව බිස්කට් වර්ග, ස්නැක් සහ සීරියල් වර්ග මෙන්ම ජෙලි පාදක නිෂ්පාදන, චොකලට් සහ තේ ද මෙම සමාගම මගින් වෙළෙඳ පොළට නිකුත් කරයි. අද වනවිට එකිනෙකට වෙනස් නිෂ්පාදන 7 5ක් පමණ පවතින බව සමාගම පවසයි. දේශීයව මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳ පොළටත් ඔවුන් සිය නිෂ්පාදන අලෙවි කරයි.

මෙරට ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය සහ අලෙවිය සිදු කරන සමාගමක් ලෙස සන්ෂයින් හෝල්ඩිංග්ස් සිය වේගයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ යටතේ සිය මෙහෙයුම් පුළුල් කිරීමේ අරමුණින් මෙම අත්පත් කරගැනීම සිදු කර ඇතැයි වාර්තා වෙයි.

මෙරට මුල් පෙළේ මූල්‍ය සේවා සමාගමක් වන CAL – Capital Alliance Limited සමාගම මෙම ගනුදෙනුව සඳහා වන උපදේශකත්වය ලබා දී ඇතැයි පැවසෙයි. ඒ අනුව මෙම ගනුදෙනුව කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් පසුව රට තුළ සිදු වුණු දැවැන්තම කොටස් ගනුදෙනුව ලෙසටත් සැලකෙන බව  එම සමාගම සඳහන් කර සිටියි.

Visits: 348