ඉරානය ශ්‍රී ලංකාව සමග ඍජු ගුවන් සේවා ඇරඹීමට යයි

ශ්‍රී ලංකාව සමගින් ඍජු ගුවන් සේවා ආරම්භ කිරීමට ඉරානයේ අවධානය යොමු වී තිබෙන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. පසුගියදා එම අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සහ ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති හෂීම් අෂජසඩීස් මහතා සමගින් පැවැත් වූ සාකච්ඡාවකදී මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා වී තිබේ.

මේ වන විට ශ්‍රී ලංකාව සහ ඉරානය අතර හෝ ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මක නොවෙයි. මේ පිළිබඳව අප ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරියෙකුගෙන් ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා’ සිදු කළ විමසීමකදී සඳහන් කළ ආකාරයට, ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය ගුවන් ගමන් ක්‍රියාත්මක කරන පාකිස්තානයේ කරච්චි නුවර වෙත හෝ එක්සත් අරාබි එමීරයේ ඩුබායි නුවර වෙත හෝ ගොස් එතැන් සිට ශ්‍රී ලංකන් ගුවන් සමාගමද සාමාජිකයෙකු වන ‘OneWorld’ සංවිධානයට අයත් යානයකින් ඉරානය වෙත පියාසර කිරීමේ හැකියාව පවතී.

Visits: 18