S&P ශ්‍රී ලංකා 20 දර්ශකයේ සමාගම් වෙනස් වෙයි

• ටෝකියෝ සිමෙන්ති, එක්ස්පෝ ලංකා, ජනශක්ති ඉන්ෂුවරන්ස්, ලංකා අයි.ඕ.සී., සොෆ්ට්ලොජික් ලයිෆ් සහ යුනියන් බැංකුව දර්ශකයෙන්  ඉවතට.
• සෙන්ට්‍රල් ෆයිනැන්ස්, සිලෝන් ටොබෑකෝ, එල්.ඕ.එල්.සී හෝල්ඩින්ග්ස්, මෙල්ස්ටාකෝප්, රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනී සහ සෙලාන්බැංකුව යන සමාගම් මෙම දර්ශකය වෙත එකතු වී තිබේ.

S&P Dow Jones Indices විසින් 2020 පළමු වන අර්ධ වර්ෂය සඳහා සකස් කරනු ලබන දර්ශක සැකසීමට අනුව ලබන ජූනි 22 වැනිදා සිට S&P SL 20 දර්ශකය අන්තර්ගත සමාගම් වෙනස්වීමකට ලක් වන බව කොළඹ කොටස් වෙළෙඳ පොළ පවසයි.

ඒ අනුව 2020 ජූනි මස 19 වන දිනට කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අවසන් වීමෙන් පසුව, 2020 ජූනි මස 22 වන දින සිට බලපැවැත්වෙන පරිදි S&P SL 20 දර්ශකයට ඇතුළත්වීම සඳහා අදාළ වන සුදුසුකම් පූරණය කිරීම මත සමාගම් දර්ශකයට අලුතින් ඇතුළත්වීම සහ දර්ශකයෙන් ඉවත්වීම සිදුවන බව කොටස් වෙළෙඳ පොළ සඳහන් කරයි.

මේ සමග දැනට S&P SL 20 දර්ශකයේ ඇති ටෝකියෝ සිමෙන්ට් කම්පැනි ලංකා පීඑල්සී (TKYO.N0000,TKYO.X0000), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් කම්පැනි පීඑල්සී (EXPO.N0000), ජනශක්ති ඉන්ෂුවරන්ස් කම්පැනි පීඑල්සී (JINS.N0000), ලංකා අයි.ඕ.සී. පීඑල්සී (LIOC.N0000), සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී (AAIC.N0000) සහ යුනියන් බැංකුව කොළඹ පී.එල්.සී (UBC.N0000) යන සමාගම් දර්ශකයෙන්  ඉවත්වීමට නියමිතව ඇත.

ඒ වෙනුවට, සෙන්ට්‍රල් ෆයිනැන්ස් කම්පැනී පී.එල්.සී (CFIN.N0000), සිලෝන් ටොබෑකෝ කම්පැනී පී.එල්.සී (CTC.N0000), එල්.ඕ.එල්.සී හෝල්ඩින්ග්ස් පී.එල්.සී  (LOLC.N0000), මෙල්ස්ටාකෝප් පී.එල්.සී (MELS.N0000), රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනී පී.එල්.සී (RICH.N0000) සහ සෙලාන්බැංකුව පී.එල්.සී (SEYB.N0000, SEYB.X0000) යන සමාගම් මෙම S&P SL 20 දර්ශකය වෙත එකතු වී තිබේ.

“කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගම් අතුරින් අවම මට්ටම සම්පුර්ණය කරන්නාවූ වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණයකින් යුත් සමාගම් අතරින් විශාලත්වය (වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණය), ද්‍රවශීලතාව හා මූල්‍ය ශක්‍යතාව යන සාධක කෙරෙහි අවධානය යොමුකොට තෝරාගත් සමාගම් 20ක් මෙම දර්ශකය ගණනය කිරීමට භාවීත කරනු ලබයි.” කොළඹ කොටස් වෙළෙඳ පොළ පවසයි.

S&P ශ්‍රී ලංකා 20 දර්ශකයට අන්තර්ගතවීම සඳහා එක සමාගමක් සතුව අවම වශයෙන් රුපියල් මිලියන 500ක චලිත වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණයක් තිබීම, මාස 6ක මධ්‍යස්ථ දෛනික ගනුදෙනු වටිනාකම රුපියල්මිලියන 0.25කට නොඅඩුවීම, නැවත සංසන්දනය කිරීම සිදුකරන දිනයට පෙර මාස තුනක කාලය තුල එක මසකදී අවම වශයෙන් දින 10 කදී ගනුදෙනු වී තිබීම හා එම දිනයට පෙර මාස 12ක කාලය තුළ ලාභ උපයා තිබීම අවශ්‍ය වේ. වැඩි විස්තර හා සම්පුර්ණ ගණනය කිරීමේ ක්‍රමවේදය සඳහා www.spindices.com  වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකිය.

S&P ශ්‍රී ලංකා 20 දර්ශකයෙහි 2020 ජුනි මස 22වන දින සිට අදාළ වන කොටස් සමුහයන් වන්නේ (ඉංග්‍රීසි අකාරාදි පිළිවෙලට)

සමාගම්                                                       CSE Ticker

  1. ඇක්සෙස් ඒන්ජිනියරින් පී.එල්.සී               AEL.N0000
  2. එයිට්කන් ස්පෙන්ස් පී.එල්.සී                     SPEN.N0000
  3. සෙන්ට්‍රල් ෆයිනැන්ස් කම්පැනී පී.එල්.සී      CFIN.N0000
  4. සිලෝන් ටොබෑකෝ කම්පැනී පී.එල්.සී       CTC.N0000
  5. චෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පී.එල්.සී    LLUB.N0000
  6. කොමර්ෂල් බැංකුව පී.එල්.සී                   COMB.N0000/COMB.X0000
  7. ඩි. එෆ්.සී.සී. බැංකුව පී.එල්.සී                  DFCC.N0000
  8. ඩයලොග් ආක්සියෙටා පී.එල්.සී                DIAL.N0000
  9. හැටන් නැෂනල් බැංකුව පී.එල්.සී             HNB. N0000 /HNB. X0000
  10. ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී                  JKH.N0000
  11. එල්.ඕ.එල්.සී ෆයිනැන්ස්පී.එල්.සී                       LOFC.N0000
  12. එල්.ඕ.එල්.සී හෝල්ඩින්ග්ස්පී.එල්.සී                   LOLC.N0000
  13. මෙල්ස්ටාකෝප් පී.එල්.සී                                  MELS.N0000
  14. නැෂනල් ඩිවෙලෝප්මන්ට් බෑන්ක් පී.එල්.සී         NDB.N0000
  15. ඕවර්සීස් රියැලටි සීලෝන්පී.එල්.සී                      OSEA.N0000
  16. පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනැන්ස් පී.එල්.සී            PLC.N0000
  17. රිචඩ් පීරිස් ඇන්ඩ්කම්පැනී පී.එල්.සී                  RICH.N0000
  18. සම්පත් බැංකුව පී.එල්.සී                                 SAMP.N0000
  19. සෙලාන්බැංකුවපී.එල්.සී                                  SEYB.N0000/ SEYB.X0000
  20. ටිජේ ලංකා පී.එල්.සී                                       TJL.N0000

Visits: 524