සෙලින්කෝ ලයිෆ් කොවිඩ්-19 හමුවේ ශක්තිමත් ස්ථාවරයකලු

සෙලින්කෝ ලයිෆ් කොවිඩ්-19 හමුවේ ශක්තිමත් ස්ථාවරයකලු

සෙලින්කෝ ලයිෆ් රක්ෂණ සමාගම මාර්තු 31 වැනිදායින් අවසන් වූ මේ වසරේ මුල් මාස තුනේදී (පළමු කාර්තුව) පමණක් සිය රක්ෂණ හිමියන් වෙත රුපියල් බිලියන 2.87ක් වටිනා රක්ෂණ හිමිකම් සහ ප්‍රතිලාභ ගෙවා ඇතැයි පවසයි. ඒ අනුව මෙය 2019 වසරේ පළමු මාස තුන තුළදී ලබාදුන් හිමිකම් හා ප්‍රතිලාභ හා සැසඳීමේදී 17.7%ක වර්ධනයක් බවද සමාගම පෙන්වා දෙයි.

ඒ අනුව මෙය කොවිඩ්-19 වසංගතයෙන්  පසුව යළි නැගී සිටීමේදී සමාගම මුහුණ දෙන අභියෝග වෙත මුහුණ දීමට මෙය තමන් සතු මූල්‍යමය ශක්තිමත්භාවය සහ ස්ථාවරත්වය පෙන්නුම් කරවන්නක් බවද සෙලින්කෝ ලයිෆ් සමාගම සඳහන් කරයි.

කොවිඩ්-19 වසංගතය මූලික කරගනිමින් පසුගිය මාර්තුව මැදදී සිය ව්‍යාපාර කටයුතු නවත්වන අවස්ථාව වනවිටත් සෙලින්කෝ ලයිෆ් සමාගම මුල් මාස තුනේදී රුපියල් බිලියන 8.11 ක දළ ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබේ.

එහිදී දළ ලිඛිත වාරික ආදායම 10.5%කින් වර්ධනය කරගනිමින් එය රුපියල් බිලියන 4.73ක් දක්වා වර්ධනය කරගැනීමටත්, ආයෝජන සහ අනෙකුත් ආදායම් 16.6෴කින් වර්ධනය කරගනිමින් රුපියල් බිලියන 3.38ක් දක්වා වර්ධනය කරගැනීමටත් හැකිව ඇත.

මේ පිළිබඳව අදහස් දක්වන සෙලින්කෝ ලයිෆ් සභාපති ආර්.රෙන්ගනාදන් මහතා, “මෙය දරුණු අභියෝගාත්මක අවස්ථාවේදී වසර සඳහා සමාගම ලැබූ ඉතාමත් හොඳ ආරම්භයක්. අපගේ මේ පළමු කාර්තුවේ දක්ෂතා හරහා සෙලින්කෝ ලයිෆ් සමාගම සතු සහජ මූල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය පෙන්නුම් කරනවා.” යනුවෙන් පවසා  සිටියි.

මේ අතර සෙලින්කෝ ලයිෆ් සමාගම මේ වසරේ මුල් මාස තුනේදී සිය සමස්ත වත්කම් ප්‍රමාණය 12% කින් වර්ධනය කරගනිමින් 2020 මාර්තු 31 වැනිදා වනවිට එය රුපියල් බිලියන 149.6ක් බවට පත් කරගෙන ඇත.

Visits: 22